ඔබ දන්නවාදඔටුවකුට ඇස් පිහාටු තුනක් පවතින බව.?

 ඔබ දන්නවාදඔටුවකුට ඇස් පිහාටු තුනක් පවතින බව.?

මේ ලෝකයේ පරිණාමය යනු ඉතාමත්  කුතුහලය දනවන මාතෘකාවකි. නොයෙකුත් කටුක කර්කශක පරිසර පද්ධති මේ  පෘථිවියේ  පවතින අතර එවැනි පරිසර තුළද නොනැසි තම ජීවන අරගලය පවත්වාගෙන යන සතුන් විශාල  ප්‍රමාණයක් ඇත. මේ සතුන්  අතර ඔටුවාට සුවිශේෂ  තැනක් හිමි වන බව ලොකු කුඩා සැමදෙනකුම දන්නා කාරනයකි. කන්තාර පද්දතියේ ආහාර  ජලය නොමැතිව මාසයකට ආසන්න කාලයක් හොදින් දිවි ගෙවිය හැකි සතකු ලෙස ඔටුවා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. ඒ නිසා ඔටුවා කාන්තාරයේ නෞකාව  ලෙසින්  ද හදුන්වයි. 

කන්තාරයක දිවි ගෙවන හීලැ ඔටුවෙක්

නමුත් ,ඔබ දන්නවාද ?කාන්තාරයක වැලි කුණාටු තරම් භායානක දෙයක් තවත්  නොමැති බව.මෙම වැලි කුණාටු  වල ඇති බලපෑම ගැන ඔබට සිතා ගත නොහැකිනම් ලොව ප්‍රසිද්ධ අනාගත වෘතවරියක් වු බාබා වැන්ගා (Baba Vanga) නම් කාන්තාවගේ දෑස් නොපෙනෙන්නට හේතුව වූයේද ඇය කුඩාකල  මේවැනි වැළි කුණාටුවට හසුවීමයි..ඉතින් කාන්තාරයේ ම ජීවත් වන ඔටුවාට මේවායින් ආරක්ෂා වීමේ හැකියාව ස්වාභාවිකම උරුම වී ඇත.

වැළි කුණාටුවකට මැදීවි ගමන් කරන ඔටුවෙක් සහ මිනිස්සු 

එනම් ඇසිපිහාටු තුනක් ඔවුන්ට පිහිටයි.  දිගු හා ඝන ඇහිපිය මගින් වැලි දෑස තුළට යාම වළක්වන අතර තව දුරටත් කුඩා ඇසි පිය  මගින් සියුම් දූවිලි පාව ඒම වලක්වයි ඊටත් අමතරව සිවුම් සිවියක වැනි පටලයක් ඇත. ඒ තුළින් ඇස පියාගත්තද ඔටුවාට අවට දැකිය හැකිය.  මේ පිළිබද පහත අන්වික්ෂීය ඡායාරෑප මගින් ඔබට තවදුරටත් පැහැදිලි කරගත හැකිය . වාහනවල වයිපර් වැනි පටල වර්ගයක් ඔවුන් සතු බව ඔබට පෙනෙනු ඇත . මින් පැහැදිලි වන්නේ අප ඇතුළු සියලු සතුන් ස්වභාවධර්මයේ විශිෂ්ට නිමැවුම් බව නොවේද ?

ඔටුවාගේ ඇහේ පිහිටීම සමීප රෑප ඇසුරෙන්
ඔටුවාගේ ඇහේ පිහිටීම සමීප රෑප ඇසුරෙන්

✍️සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)

_________________________

මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ page එකට like 👍කරන්න. ඔබගේ අදහස්  යොජනා ,චෝදනා අපට comment ⌨️කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැණුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න. Share කරන්න.

ස්තුතියි..!

Post a Comment

0 Comments