iphone 13 /iphone 13 mini

 ඇපල් සමාගමේ  ජනප්‍රියම නිශ්පදන ලෙසින් අවිවාදයෙන්ම iphone  මාදිලිය පෙන්වා දිය හැකිය. ලොව ධනවතුන්  ඉලක්ක කරගනිමින් නිපදවන සුඛෝපභෝගී භාන්ඩන් අතර iphone  වලට හිමි වන්නේ සුවිශේෂ  ස්ථානයකි. මේ අනුව Apple Event - September 14 event එක හෙවත් California Streaming නම් event එකේදී  නව iphone  මාදිලියේ දුරකථන හතරක්  මේ 2021 වරශය සදහා නිකුත් කරන ලදි. මෙහිදි පෙර වසරේ මෙන්ම දුරකථන වල පෙනුමෙන්  ලොකු වෙනසක් දැකිය නොහැකි  වූ අතර iphone 13 mini, iphone  13,iphone 13 pro සහ iphone 13pro max යන දුරකථන නිකුත්  විය.

iphone 13 දුරකථනයේ ඉදිරිපස සහ පිටුපස හැඩය. (apple.com)

මින් iphone 13 mini සහ iphone 13 වන දුරකථන ද්විත්වයේ පිටුපස කැමරා සෙට්ප් එකෙහි වෙනසක් සිදුකර ඇත. එසේනම් අපි මේ iphone 13 mini සහ iphone 13 යන දුරකථන  දුරකථන මාදිලි දෙක ගැන සියලු තොරතුරු present media තුලින් සවිස්තරාත්මකව අපගේ පාඨකයන්ට මේ ලිපිය මගින් අවබෝධයක් ලබාගත හැකිය.

භාහිර ලක්ෂණ

👉දුරකථනයේ තිරය.(DISPLAY)

iphone  13 mini මෙහිදි iphone පරම්පරාවේ කූඩාම සාමාජිකයා iphone mini ලෙසින් හදුනව අතර එහි දිග අගල් 5.4 කි. iphone 13 දුරකථනයෙදි අගල් 6.1කි. ඉදිරපස තිරයේ ඉහල notch එක ගියවර හදුන්වාදුන්  iphone 12 සහ 12 mini දුරකථන  වලට සාපේක්ෂව  කුඩාකර ඇත. එනම් සම්ස්ථ තිරයෙන් 86%.අගයකි.

ඉදිරිපස ගෝරිල්ලා glass එකකින් සමන්විතයි. එය Scratch-resistant ceramic glass නම් තාක්ෂණියක් යොදා සවිමත්ව සකසා ඇත. 

Super Retina XDR OLED, HDR10, Dolby Vision සහිත True-tone තිරයක් iphone 13 mini සහ iphone 13 යන මාදිලි වලට ඇපල් සමාගම ලබාදී ඇත.

අලුමිනියම් ප්‍රේම් එකක් සහිතයය. දකුණු පසින් power on/off button එක සහ වම් පසින් volume up/down buttons ඇත. ඊට අමත silent button  එකද සුපුරුදු පරාදි ඇත. සිම් දැමිමට කුඩාsim tray එකක්  ඇත.

නවතම iphone 13 හි display එකෙමි ඇති පහසුකම් (apple.com)

SIM කාඩ්

Nano sim එකක් හා e sim එක්ක ගෙදිය හැකිය. එසේම e sim දෙකක්ද භාවිතයට හැකිය. නමුම්. සිම් 3ම භාවිතා කර හැකිදැයි තවම තහවුරු කර නැත. ලොව පලමු වරට e sim  දෙකක් යෙදිය හැකි දුරකථන  වන්නේද ⁣ iphone  13 මාදිලියයි.


NETWORK

GSM / CDMA  / LTE / 5G ඇත.


පිටුපස පෙනුම

පිටුපස් ගෝරිල්ලා glass  වලින් සමන්විතයි. ඉදිරිපස තිරය ගොරිල්ලා glass  එකකි ඇත. එහි කැමරා අඩංගු කොටස වෙනම සිටින සේ designed කර ඇත. කැමරා වල පිහිටීමේ වෙනසක් කර ඇත. 


IP68 dust/water resistant පහසකම ඇති අතර මීටර් 6 ජලයේ විනාඩි 30ක කාලයක් දුරකථන ආරක්ෂාවද සලසයි. නමුත් ජලය යට භාවිතයට හැකියාවක්  නොමැත.


දුරකථනයේ  දිග, පළල සහ බර


iPhone 13 mini                           iPhone 13    

දිග 131.5  mm.                          දිග 146.7  mm 

පළල 64.2mm.                          පළල 71.5  mm 

උස 7.7 mm.                              උස 7.7 mm 

බර 1419                                   බර 174 g

iphone 13 mini සහ iphone 13 අතර වෙනස (apple,com)

දුරකථනයේ අභ්‍යන්තරය

දුරකථනයක් භාහිරින් කොතරම් ලස්සන වුවත් එහි අභ්‍යන්තරයද බලවත් විය යුතුය. ඒ අනුව නවතම Apple A15 Bionic (5 nm). චිප් එකකින් iphone සග13 මාදිලියේ දුරකථන  බල ගැන්වෙයි. එහි Hexa-core (2 + 4)සහ Apple GPU (4-core graphics)  එකකින් සමන්විතයි.

නවතම iphone 15 bionic chip එක iphone 13 හි අඩංගුයි.(apple.com)

ඔබට මෙම දුරකථන පහත පරිදි storge  හා RAM වලින් මිලදි ගත හැකියි. 

128GB  ➖ 6GB RAM, 

256GB ➖ 6GB RAM, 

512GB  ➖ 6GB RAM 

නවතම iOS 15 මෙහෙයුම් පද්ධතිය මගින් දුරකථන බලගැන්වෙයි. Wife ,Bluetooth 5 NFC වැනි පහසුකම් ඇත.

කැමරාව  පද්ධතිය

පිටුපස  ප්‍රධාන කැමරාව(MAIN CAMERA)

12 MP wide කැමරාවක් හා 12 MP ultra wide කැමරවකින් සමන්විතයි. එමගින්  HDR, Dolby Vision HDR වීඩියෝ පහසම්ද සලසයි  Dual LED dualtone flashlight  අඩංගු කර ඇත.තවද නව පහසුකමක් ලෙස cinemetic  mode නම් පහසුකමද හදුන්වා දී ඇත.

iphone 13 mini සහ iphone 13 දුරකථන වල කැමරා සෙටප් එක (apple.com)

ඉදිරිපස කැමරාව (SELFIE CAMERA)

12 MP wide කැමරාවක් අඩංගුකර ඇත.

Cinemetic  mode මගින් video කරන විට අවශ්‍ය තැන් focus  කරයි.(apple.com)
බැටරිය.(BATTERY)

දුරකථනයේ වැදගත්ම කොටසක් ලෙසින් බැටරිය හදුනා ගත හැකිය. මේ අනුව iphone 13 සදහා ගැලවිය නොහැකි  ලිතියම් අයන බැටරියක් ඇත. Fast charging 20W, 50% in 30 min හැකියව ඇති අතර lightning  cable  එකක් මගින් අරොපනය කර යුතුය. එසේ නොමැති නම් wireless තාක්ෂණයයේ ආරෝපනය කර හැකිය. ඔවුන් මේ සදහා MagSafe wireless  නම් තාක්ෂණයද හදුන්වා දී ඇත.

iPhone 13 හි. Iphone 12 වලට වඩා පැය 2.30 වැඩියෙන්ද  iPhone 13 mini. දුරකථනයේ කලින් පැවති iphone 12 mini දුරකථනයට වඩා පැය 1.30 ද බැටරි  බලය වැඩි බව සදහන් වෙයි.

මිල ගනන් හා නිකුත්  කරන දිනයන්.

ඔබට iphone  13 mini  සහ iphone 13 දුරකථනටක් 2021 සැප්තැම්බර් 24 සිට මිලදි ගත මැකිය. එය 9/17 සිට preordere  කිරීමට හැකියාව ඇත. 

124GB -6RAM  සහිත iphone 13 mini දුරකථනයක් ඩොලර් 699

 (ආසන් වශයෙන් ලංකාවේබදු රහිතව රු 155.000 ) මුදලකට ද 

124GB -6RAM  සහිත iphone 13 දුරකථනයක් ඩොලර් 799

 (ආසන් වශයෙන් ලංකාවේදී බදු රහිතව රු 175.000 ) මුදලකටද මිලදී ගත හැකිය.

පාට

Starlight, Midnight, Blue, Pink, Red. යන වරණ වලින් මිලදි ගත හැකිය. ඉන්. Product  red  දුරකථන විකිණීම මින් කොවිඩ සදහා මුදල් බැර කරයි.

Pink, Blue, Midnight, Starlight ,(PRODUCT)RED යන වරණ වලින් 13 සහ 13 min නිකුත්කර ඇත.

අවාසි.

ගිය වසරේ මෙන්ම මෙවර දුරකථන තුළද පැහැදිලි  වෙනසක් නොකිරීම එහි අවාසියක් ලෙස දැක්විය හැකිය. 

තවද මිලෙන් ඉහල වීම දුරකථන අමතරව කොටස් මිල ඉහල යාම.

 Type C  charging port එකක් නොමැති  වීම. Faceid පහසුකම නිසා  ගෝලිය උවදුර තත්වය තුල facemask  පැලදීම නිසා දුරකථනය unlock කිරීමට ඇති ගැටළු. 

දුරකථනයට චාජරයක් සහ handfreee  නොමැති නිසා එය අමතරව  මිලදී ගැනීමට සිදුවෙයි.

ඉහත පරිදි ගැටළු කිහිපක් ඇති නමුත්  සමස්තයක් ලෙස ඉතා හොද දුරකථනක් බව අවිවාදයෙන්ම පිළිගත යුතුය.


✍️සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)


මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ page එකට like 👍කරන්න. ඔබගේ අදහස්  යොජනා ,චෝදනා අපට comment ⌨️කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැණුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න. Share කරන්න.

ස්තුතියි..! 

 #appleiphone #iphone13 #iphone13mini #presentmedia

Post a Comment

0 Comments