ශ්‍රී ලංකාවේ සමනලුන්-01

Sri Lanka Tree Nymph

Idea iasonia

අද අපි ඔබට තොරතුරු ගෙන එන්නේ සෑම කෙනෙකුම ආදරය කරන අහිංසක  සත්වයෙක් ලෙසින් ප්‍රචලිත සමනලුන් පිළිබඳවයි. අපි අවට පරිසරයේ  මලින් මලට පියාඹා යන කොතෙකුත් නම් සමනලුන් ඔබ දැක ඇද්ද?නමුත් ඇත්තටම අපි පැහැයෙන් හැඩයෙන් එකිනෙකට වෙනස් මෙම සමනලුන් පිළිබදව කොතෙක් දුරට තොරතුරු දන්නවාද ?   

බොහෝ දෙනෙකු මෙම සුන්දර සත්වයා පිළිබඳව දන්නේ සීමිත තොරතුරු ප්‍රමාණයකි. ඒ නිසා අප අවට සැරිසරන සමනල් අමුත්තන්  ගැන ලිපි පෙළක් ගෙන ඒමට present medias හි අපි තීරණය ක⁣ළෙමු.

Sri Lanka Tree Nymph (Idea iasonia)🦋

Sri Lanka Tree Nymph (Idea iasonia)
ශ්‍රී ලංකාවට ආවේණික වු සමනල විශේෂයක් ලෙස Ceylon   Tree Nymph  නම් සමනල විශේෂය හදුනාගත හැකිය.ඩැනයිනා(Danainae)නම් සමනල කුලයට අයත් විශාලතම සාමාජිකයා වන්නේද මෙම සමනලයාය.

මොහු Idea iasonia යන විද්‍යාත්මක  නාමයෙන් හදුන්වනු ලබයි.

1848 දි ඉංග්‍රීසි  ජාතික කීට විද්‍යාඥයෙක් වු ජෝන් ඕ. වෙස්ට්වුඩ් (John O. Westwood) මහතා මෙම සමනල ප්‍රභේදය පිළිබදව මුල්වරට තොරතුරු සොයා ගන්නා ලදි.

 මෙම සමනලයාගේ පියාපත් වල දිග මි.මි 110- මි.මි 115 අතර වෙයි. කලු පැහැති දිලිසෙන සුලු රේඛාවන්ගෙන් යුතු සුදු, සිල්ව(ර්), කහ මිශ්‍ර වරණයන්ගෙන් සැදුම්ලත් පුල්ලිවලින් යුතු පියාපත් දැක ගත හැකිය.  

                                  

ගැහැණු  සත්වයා පිරිමි සමනලයාට වඩා තරමක් ශරීර  ප්‍රමාණයෙන් විශාල වන අතර පිරිමි සත්වයාගේ ඉදරිපස තටු තරමක් පටු ආකාරයක් ගනි. එමෙන්ම ඒ වටා තද කලු රේඛාවක්ද දැකගත හැකිය. සාපේක්ෂව  මෙම සමනලයන්ගේ තටු විශාල  වන අතර එමගින් වැඩි කාලයක් ගුවනේ රැදී සිටීමේ වාසිය මොවුන්ට හිමි ව ඇත.

මෙම සමනල් විශේෂය ලංකාවේ තෙත් කලාප තුළින් හා වෙරළබඩ ප්‍රදේශවලින් හමුවෙයි. එහිදි මෙම  Sri Lanak Tree Nymph සමනලුන්ගේ ඇතැම් උප ප්‍රභේද කිහිපයක්ද  දැකිය හැකිය.

මොවුන් සාමාන්‍යයෙන්  ඉහළ ගස් වියන් ආශ්‍රිතව වාසය කරන අතර ප්‍රජනන කාලය තුල වැඩි වශයෙන් පොළවට ආසන්නයේ සැරිසරයි. මොවුනගේ පිරිමි සතුන් ගැහැණු  සතුන්ව ආකර්ෂණය සදහා ෆෙරමෝන් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිකුත් කරයි.  මේවා තුළ ඩැනයිඩෝන් නම් විෂ ද්‍රව්‍යයක්  අන්තර්ගත වන අතර එය මොවුනට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට  උපකාරීවෙයි. මොවුන්ගේ බිත්තරවලද මෙම රසායනික ද්‍රව්‍යය අනතර්ගතය.




ශ්‍රී  ලංකාවට ආවේණික මෙම අලංකාර සමනලයා මේ වනවිට වදවී යැමේ තරජනයකට මුහුණ දුන් සත්වයෙකු ලෙස රතු දත්ත පොතට ඇතුළත් වී ඇත. ස්වභාවික  වාසස්ථාන  විනාශය  හා කෘෂි  රසායනික  ද්‍රව්‍ය භාවිතා කිරිම වැනි අහිතකර මිනිස් ක්‍රියාකාරකම් මේ සදහා ප්‍රබලව හේතු වී ඇත.

ලෝකයේ කිසිදු  රටක දැකිය නොහැකි අපිට ම ආවේණික මේ සුන්දර  කෘමි සත්වයා අනාගතය වෙනුවෙන් ආරක්ෂා  කිරිම අපි සැම සතු වගකීමක් හා යුතුකමක් බව present medias හි අපේ අදහසයි. 

✍️සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අන්තර්ජාලය ඇසුරින්)

_________________________

මෙවැනි ලිපි කියවීමට හා අලුත් තොරතුරු දැනගැනීමට අප හා දිගට ම සම්බන්ධ  වන්න. අපගේ page එකට like 👍කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment ⌨️කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවා නම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..! 

#presentmedias #srilankanbutterflies #endangeredspecies #srilanknwildlife #endemicsrilanka #butterfly #butterflylover #srilankatreenymph #Ideaiasonia

Post a Comment

0 Comments