ශ්‍රී ලංකාවට ආවේණික මසුන් ලිපි අංක -01 🐠 🐠

 

ලේ තිත්තයා🐠

ශ්‍රී  ලංකිකයන් ලෙස අපට අපගේ රට පිළිබඳ  ආරම්බර විය හැකි බොහෝ කාරනා රාශියක්  ඇත. ඒ අතුරින් නිවර්තන කලාපීය රටක ලෙස අපිට ඉතාමත් අලංකාර  පරිසර පද්දතියක් උරුම වී තිබිමයි.  මේ සුන්දර  පරිසර  පද්දතියේ අපට ආවේනික ශාක,සත්වයින් ආදිය විශාල ප්‍රමාණයක් ඇත. අද ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒𝕤  අපි ඔයාලට ගෙන එන්නේ ලොකයේ කාටවත් හිමි නැති අපටම ආවෙනීක වූ මත්ස්‍යයෙකි.දෙස් විදෙස් මත්ස්‍ය  ලෝලීන්ගේ හා පරිසර වේදිනගේ විශාල අවධානයක්  දිනාගතැනීමට සමත් වී ඇති මේ කුඩා හැඩකාරයා වුත ලංකාවේ මිරිදිය ජලාශ  වලින්  හමුවන ඉතා අලංකාරි මත්ස්‍යයෙකි.

(azgardens.com)

ඉංග්‍රීසි  නම :- Cherry Barb🍒

විද්‍යත්මක නාමය:- puntius titteya


1929 දි ලංකාවේ කීර්තිමත් සත්වවේදියෙකු වු එඩ්වඩ්  පීරිස් දැරණියගල (Edward Pieris Deraniyagala ) මහතා මෙම මත්ස්‍යට මෙම නම ලබාදී ඇත. Cyprinidae  මත්ස්‍ය පවුලට අයත් ලංකාවට ආවේනික මත්ස්‍යයෙකි.සාමාන්‍යයෙන් මෙම මත්ස්‍යයකු වසර 5-7 අතර කාලයක් ජීවත්වෙයි. 


ශරීර ප්‍රමාණයෙන්  කුඩා මත්ස්‍යයෙකි. උපරිම වරධනය  අගල් 2ක් (5cm) පමණවෙයි. පිරිමි මත්ස්‍යයා ගැහැණු  මත්ස්‍යායාට වඩා පැහැයෙන් වැඩිය දතද රතු පැහැතිය. උදරය  සිහින් හා දිලිසෙන බවින් වැඩිය. නමුත ගැහැණු  සත්වයා කහ මිශ්‍ර  රත් පැහැයක් හා අදුරැ දුඹුරු පැහැති  රක්තවර්ණ ශරීරයකට හිමිකම් කියයි. පහත රූප සටහන්  වලින් ඔබට ගැහැණු පිරිමි මසුන්ගේ හැඩය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. 

ඡායාරෑපයේ ඉහතින් ගැහැණු මත්ස්‍යයා පහතින් පිරිමි මත්ස්‍යයා (eBay.com)


 මොවුන් ස්වාභාවිකවම තම ආරක්ෂාව  උදෙසා රංචු වශයෙන්  ජීවත් වීමට වැඩි ප්‍රියතාවක් දක්වයි.

 එම නිසා සුරතල්  මත්ස්‍යයෙකු ලෙස ඇති කරන්නේනම්. මසුන් යුවල් 3-5වත් සෑදීම වඩාත් උඩිතය. ස්වාභාවයෙන්ම ලැජ්ජාශීලි මත්ස්‍යයෙකු වන නිසා තනිව හෝ යුවලක් ලෙස සිටීමේදි සැගවීමට උත්සාහ  දරයි. 


එමෙන්ම මෙම අලංකාර මත්ස්‍යයාගේ ආහාර රටාව ගත්කල ⁣කුඩා කෘමීන් ,මත්ස්‍යකීටන්, මදුරුවනුවන්,කූනිස්සන් වැනැ ජලජ පෘශ්ඨවංශීන්, ශාක ප්ලවාංග , ඇල්ගි ආදි සැම දෙයක්ම ආහාරය ගනී. එම නිසා සරවභක්ෂක ආහාර රටාවක් ඇති මත්ස්‍යයෙක් ලෙසින්  හදුනාගත හැකිය. මේ නිසා විසිතුරු  මත්ස්‍යයෙක් ලෙස ඇති කීරීමේදි පහසුවෙන්  කෘතිම මත්ස්‍ය ආහාර වලින්ද පොෂණය කර හැකිය.


මෙම මත්ස්‍යා ස්වාභාවික  පරිසර  පද්දතියේදි අපට සොගාගත හැකි වන්නේ ඉතාමත් අදුරු  සෙවනැලි  සහිත හිමින් ජලය ගාලා බසින ජලජ ශාක සහිත ඉවුරු  ඇති පිරිසිදු  ජලය සහිත ස්ථාන වලිනි. ⁣මොවුන. රංචු වශයෙන් ස්වාභාවික  පරිසර පද්දතින් තුල හමුවෙයි.

මේ නිසා මෙම මත්ස්‍යන් ගෘහාශ්‍රිතව සුරතල්  මත්ස්‍යයෙකු ලෙස ඇති කරන්නෙනම් ජලජ ශාන සහිත ගං කොට දමා අලංකාරව සෑදු අඩි 2ක දිගක් වත් ඇති ටැංකියක් තොරාගත යුතුය. එතරම කලබලකාරි හෝ ආක්‍රමණශීලී  මත්ස්‍යයෙක් නොවන බැවින්  පෙර කී පරිදි මත්ස්‍ය  යුවල් කිහිපයක්  ඇති කීරිම  හා අනෙකු මසුන්  සමග වුවද ඇතිකර හැකිය නැතිනම් මොවුනගෙ කුලෑටි  ස්වාභාවය නිසා සැගවි සිටිමට පෙළබෙයි.. මෙහිදි හොද ජල පෙරණ පද්ධතියක් ටැංකියේ  තිබීම ඉතා වැදගත්ය. 


මොවුන්ගේ ප්‍රජනනය හා පැටවුන්  වරධන පිළිබඳ  අවධානය  යොමු කිරිමේදී  පාසි හා ජලජ ශාක බහුල නොගැඹුරු  ජලාශ  ඉවුරැ ආශ්‍රිත ස්ථන වල මොවුන බිතතර දමයි.

මොවුන අයත් වන්නේ බිත්තර විසුරුවන මත්ස්‍ය විශේෂටය. එනම්  මොවුනගේ ඩිම්බ මේරු ගැහැණු  සත්වයින පසුපස පිරිමි මසුන්  ලුහුබැඳ යයි.  එවිට ගැහැණු  සතුන්  තම ඩිම්බ පරිසරයට මුදා හරින අතර පිරිමි සත්වයා ඒවිට ඒවා සංසේවනය කරයි.එහිදි බලය උදෙසා ඇතැම්  පිරමි මසුන්  අතර කුඩා සටන්ද ඇතිවනු  දැකිය හැකිය. නමුත් එම සටන් ඉතා ඉක්මනින්  කිසිවකුට  හානි නොවි අවසන් වෙයි.  

(YouTube.com Prime Time Aquatics)

මෙසේ නිදහස්  කර බිතතර ජලයේ ජලජ ශාක මුල් ආදි  ආධාරවල ඇවෙන අතර ඒවායින් නව කීටන් බිහි වීමට දින දෙකක් තුනක් ගතවෙයි. මෙහිදී  බිත්තර දැමීමෙන් පසු දෙමාපියන් පැටවුන් රැකබලා ගැනීමක් නොකරයි. කුඩා පැටවුන් ජලජ ශාක වල සැගවි අවට ඇති ආහාර අනුභව කරමින් වරධනය වෙයි. තරමක් ලොකුවු පසු මොවුන්ද රංචු වලට එකතු වෙයි. 

ඔබ කෘත්‍රීම තත්ව යටතේ ශෘහාස්ථව මෙම මසුන් අභිජනනය  කරන්නේනම් ඉහත පරිදි ශාක හා කෙදි යෙදු පරිසර පද්දතියක් සැකසිය යතු අතර එහිදි. යුවල් වශයෙන්  හෝ කුඩා කන්ඩායම් වශයෙන්පඑනම් ගැහැණු  මසුන්  3ට පිරිමි 2ක් ලෙස අභිජනන ක්‍රියාවලියේ  යෙදවිය හැකිය.  බිතතර දැමු පස් මව් මසුන්  අනිවාර්යයෙන්  බිත්තර ඇති ටැංකියෙන් ඉවත්කර යතුය. නැතිනම් ඔවුන් තම බිත්තර ආහාරයට ගැනීමට  පෙළබෙයි. ඉන්පසු  කුඩා මත්ස්‍ය කීටයන්ට සුදුසු  ආහාර හා පරිසර  තත්ව ලබා දි වරධනය කරගත හැකිය.


අවාසනාවන්ත  ලෙස මෙම අලංකාරි මත්ස්‍යා වදවීමේ තරජනයකට අදවනවිට මුහුණ පා ඇත.  ඊට හේතුව මෙම මත්ස්‍යයා දේශිය හා විදේශීය සුරතල් මසුන් එකතු කරන්නන් අතර අතිශයින්  ජනප්‍රිය  මත්ස්‍යයෙක් වීමයි.ඒ ස්වාභාවික  ස්ථාන  වලින් අධික  ලෙස අල්ලා විකිණීම  නිසා ස්වාභාවික  පරිසර  පද්දති තුල හිග වමයි. 

එලෙසම  මොවුන් ජීවත්පවන පරිසර  පද්දතින් විනාශ  කිරිම විදේශ  ආක්‍රමණික මසුන ස්වාභාවික පරිසර  පද්ධතින්ට මුදා හැරිම වැනි සියලු  මිනිසු ක්‍රියාකරකම් නාසි මොවුන්ගේ පැවැත්මට දැඩි තරජනයකට මූනපා ඇත.


ලෝකයේ කිසිදු  රටක දැකිය නොහැකි අපිටම ආවෙනික මේ සුන්දර  මත්ස්‍යයා  අනාගතය වෙනුවෙන් ආරක්ෂා  කිරිම අපි සැම සතු වගකීමක් හා යුතු කමක් බව Present Medias  අපගෙ අදහසයි.


✍️සටහන සැකසුම ÷ ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

______________________________


මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ page එකට like කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!

Post a Comment

0 Comments