☠️☠️ලෝකයේ භයානකම ශාක - 01☠️☠️

💣ඩයිනමයිට් ගස/ Dynamite tree.🧨

අපායේ  වැරදි  කරන පුද්ගලයන්ට දඩුවම් දීමට ඇති කටු ඉඹුල පිළිබඳ  ඔබ කුඩා කල අසා ඇතැයි  සිතමු. 

සැබෑ ලෝකයේ දී එවැනි ගසක් පිළිබඳ  ඔබ කවදා හෝ අසා තිබේද?  මිනිසා ඇතුළු අනෙකුත් සියලු සත්වයින්ට ශාකවලින් තොරව පැවැත්මක් නැති බව අපි සෑම කෙනෙකුම දනිමු. නමුත් එය සෑම ශාකයකින්ම එක සේ බලාපොරොත්තු නොවිය යුතුය. අද present medias අපි ඔයාලට  විස්තර  ගෙන එන මේ වර්ගයේ ශාකයක් දුටුවහොත් ඒ ගස ස්පර්ශ කීරීමට හෝ ඒඅසලටවත් යෑමෙන් වළකින ලෙසයි අපි ඔබගෙන් ඉල්ලා සිටිමු..🙏

Sand box  tree (gardeningknowhow.com)
~ශාකය  පිළිබඳ  විස්තර~ 

විද්‍යාත්මක  නාමය:- Hura crepitans

තරමක් වෙනස් විහිලුකාරි නමක් සේ පෙනුනද  ශාක ලෝකයේ පවතින භායානකම ශාක ලයිස්තුවේ ඉහලින්ම සිටින ශාකයකි. 

Hura crepitans  යන විද්‍යාත්මක  නාමයෙන් හැදින්වුවද ඉංග්‍රීසි බසින් සැන්ඩ් බොක්ස් ශාකය (Sand box  tree) ලෙසින් හදුන්වයි. නමුත් ඊටත් වඩා මෙම ශාකය  ප්‍රචලිතව ඇත්තේ ඩයිනමයිට් ගස(dynamite tree) , monkey no climb (වදුරන් නොනගින ගස) යනුවෙනි. 

Euphorbiaceae යන ශාක පවුලට අයත් මෙම ශාකයේ ආවේණික කලාපයන් ලෙස දකුණු ඇමරිකාවේ නිවර්තන  කලාප හා ඇමසන්  වනාන්තර හදුනා ගත හැකිය. එමෙන්ම උතුරු  ඇමරිකාවේ නිවර්තන  පලාත් වල හා ටැංසානියාවේ ඇතැම් ප්‍රදේශයන්හිද මෙම ශාකයේ පැතිරීම තවදුරටත් දැක ගත හැකිය. 


අඩි 200 ක් පමණ උසට වර්ධනය  වන මෙම ශාකය පුරාම එනම් ගසේ කඳ,අතු සියල්ලේම කළු පැහැති  කටු විශාල  ප්‍රමාණයක් ඇත. මේවා ඉතාමත්  තියණු හා ඉතා විශ සහිත වේ.  ඒ නිසා මෙම ශාකයට වදුරන්ට නැගීමට නොහැකිය. මේ හේතුවෙන් එය monkey no climb හෝ වදුරාගේ පිස්තෝලය ,වදුරා⁣ගේ රෑ කැම සීනූව යන අනුවර්ත නම් වලින්ද හදුන්වනු ලබයි.

මෙම ශාකයේ පත්‍රවල හැඩය බෝ ශාකයේ පත්‍ර වලට සමාන හැඩයක් ගනි. මේ ශාකයේම වෙන වෙනම ඒක ලිංගික පූෂ්ප හට ගනී. ඒවා පහසුවෙන්  හදුනාගත හැකිය. පිරිමි මල් දිගු ඉදුණු රතු ගම්මිරිස්  කරලක හැඩයක් ගනි. මල් පෙති හට නොගනි. රතු පැහැතිය. ගැහැණු  මල් වලද පෙති හට නොගන්නා අතර ඒවා පලලින් වැඩි හා මලේ මැද කුහරයකින් ද යුතුය.  මෙම ශාකයේ හටගන්නා ගෙඩියක් කුඩා වට්ටක්ක ගෙඩිවලට සාමානය. එම ගෙඩියක් අගල් 1.5-2 අතර ප්‍රමාණයකට වර්ධනය  වෙයි. ඒ තුළ කොමාවක හැඩයට සමාන විශාල  බීජ ප්‍රමාණයක් ගබඩා වී ඇත.

ගැහැණු  මලක්  සහ පිරිමි මලක් (monaconatureencyclopedia.com)

☠️Sandbox ශාකය භායානක ඇයි?☠️🤢🤒

මෙම ශාකයේ තියුණු කටු පැවතීම හා ශාකය ඉති කැඩුණුවිට හෝ සීරුණ විට ඉන් පිටතට පැමිනෙන කිරි ඉතා විෂ සහිතය. මෙම ශාක පැතිර පවතින පලාත් වල වෙසෙන සම්ප්‍රදායික මසුන් මරණ ධීවරයන් මසුන් මැරීම සදහා එම කිරිවල ඇති විෂ භාවිතයට ගනී. ඒවා ශරීර ගතවුවහොත්  පාචනය ,දැඩි බඩේ කැක්කුම, වමණය සිදුවෙයි. ඇසේ තැවරණ හොත් තාවකාලික අන්ධභාවයට හෝ ඇතැම්විට දීර්ඝකාලීන අන්ධභාවයට වුවද පත්විය හැකිය.එමෙන්ම මෙම ශාකවල කිරි සමේ තැවරුණහොත් දැඩි වේදනාවක් සමග අසාත්මිකතා ඇතිවිය හැකිය. 

මෙහි බීජද ඉතාමත් දරුණු ශාක බීජ ලෙසින් හැදින්විය හැකිය. මෙම ශාකයට ඩයිනමයිට්  ගස යන අනුවර්ත නාමය ලැබි ඇත්තේ ද මෙම බීජ වියලුනු පසු ඉතා දැඩි ශබ්දයක් නගමින් පුපුරා යාම නිසයි. එහිදි මෙම ශාකයේ බීජ පැයට කිලෝමීටර් 160-200 වැනි  වේගයකින්  විසිවි යන අතර ඒවා මීටර් 100ක පමණ  දුරක් දක්වා විසිවි යයි. වේගයෙන් විසිවන බීජ නිසා මිනිසුන්ට හා සතුන්ට දැඩි තුවාල සිදුවිය හැකිය. එමෙන්ම අවට නිවාසවල ජනෙල් වීදුරු බිදී යාම, උලු කැට පවා බිදී යාම සිදු විය හැකිය. මෙහි භයානක කම මෙතකින් නිමා නොවේ.එම බීජ ශරීරයේ ස්පර්ශ වූ තැන්වල අසාත්මිකතා ඇති වී කැසීමට හා තුවාල ඇතිවීමට, දියබිබිලි වැනි බිබිලි ඇති වීමට හැකියාව පවතියි.

නමුත් මෙම ශාකයේ විෂ විද්‍යාත්මක හා ඖෂධ  අතින් බොහෝ වැදගත් බව සදහන් වෙයි. මෙවැනි විෂ සහිත ශාක අසලට යැමෙන් වැලකීම ,ඒවා නිවාසවල අලංකරණයට සිටුවීම හෝ වෙනත් පරිසර  පද්ධතින්ට හදුන්වා දීම නොකළ යුතුය.  කොතරම් විස වුවත් මේවා සොබාදහම තුළ ඇති අපුරු  නිර්මාණයන් බව අප මතක තබාගත යුතුය. 


සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒𝕤 𝕋𝕖𝕒𝕞✔︎ .

(ඡායාරූප අන්තර්ජාලය ඇසුරින්)

______________________________

මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ Present Media page එකට like කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!

Post a Comment

0 Comments