ලිංගික හර්පීස් (GENITAL HERPES )

සමාජ  රෝග යනු මොනවාද ?🦠🦠🦠

(brunet.ca)

ලිංගික ඇසුර මගින් හෝ ඒ ආශ්‍රිත කටයුතු නිසාවෙන් පුද්ගලයන්ට වැළදෙන රෝග සමාජ  රෝග ලෙසන් සරලව හැදින්විය හැකිය. මීට අමතරව  මේවැනි රෝගි පුදලගන්ගේ රුධිර පාරවිලනය හරහා ස්පර්ශය හරහා හෝ ඔවුන් සමග සමීපම ඇසුරක් පැවැත්වීම හරහාද ඇතැම්විට මෙම රෝග තවත් කෙනකුට සම්ප්‍රේශනය විය හැකිය.

බොහො විට ඉන් බහුතරයක් දැන දැනම අනාරක්ෂිත  ලිංගික ඇසුර නිසා මෙම රොගි තත්වයන්ට ගොදුරු  වී ශාරීරික මානසික  හා සමාජීය වශයෙන්  බොහෝ පිඩා විදිති. මේ අතරින් ඇතැම් රෝග සුව කර ගැනීමට හැකියාව තිබුනද ඇතැම් රොග් මාරාන්තික  හෝ ජීවිත කාලය පුරාම ප්‍රතිකාරවිය හැකිය.  බොහො විට මෙම රෝග වැලදුන අය ඒ පිළිබඳ  නොදැනුත් භාවය හෝ ලැජ්ජාව නිසා සමාජයෙන් වසං කරගෙන  සිටිති. ඒ නිසා එම රෝග ඒ පුද්ගලයන්  සමග දැන හෝ නොදැන අනාරක්ෂිත  ලිංගික  සබඳතා පවත්වන පුද්ගලයන්ට වැලදීමේ වැඩි ඉඩකඩක් ඇත. උදාහරණ  ලෙස ගණිකා  වෘත්තීයේ නියැලෙන අයෙකුට මෙම රෝග වැලදීම නිසා ඔහුගෙන් හෝ ඇයගෙන්  සේවය ගැනීමට පැමිනෙන්ට මෙම රොග් වැලදීමේ සම්බාවිතාව ඇත. සමාජ ලෝග  කිහිපයක්  ඇති. අතර ඉන් බහුල සමාජ රොග්යක් වන ලිංගික හර්පීස්(GENITAL HERPES) පිළිබඳ  අප ඔබව දැනුවත් කරන්න තීරණය කලෙමු.


⭕️ලිංගික හර්පීස්  (GENITAL HERPES ) කුමක්ද 🦠?

හර්පීස් සිම්ප්ලෙක්ස්(herpes simplex), නමැති වෛරසය  මගින් ලිංගික හර්පීස්  මිනිසාට ආසදනය වෙයි.  මෙම වෛරසය ශරීර  ගතවි දින 2-12 අතර බොහෝ විට රොග ලක්ෂන පෙන්වයි.නමුත් එවා බොහෝ අයට හදුනා ගැනීම අපහසුය.

(pattayathailand.ru)


⭕️රෝගි ලක්ෂණ🦠🦠🦠


හර්පීස් වෛරසය ආසාදනය වූ පසු සමහර පුද්ගලයන්ට ලිංගික ප්‍රදේශයේ , ගුද මාර්ගය හා මුඛය ආශ්‍රිතව කුඩා බිබිලි සහිත තුවාල ඇතිවේ. සම රතු වී කුඩා. කහ පැහැයට හුරුදිය බිබිලි මතුවීමදැකිය හැකියි. ඒවා කැසීමක් ඇති කැඩී යාමෙන් ඉතා වේදනාකාරී තුවාල ඇතිවීම  ඉඩකඩ ඇත. 

මුත්‍රා දැවිල්ල සහ මුත්‍රා කිරීමේදී වේදනාව සහ උණ, හිසරදය සහ ඇඟපත වේදනාව  හා පන නැති වි මලානික ගතයි පවා මේ රොගයේදි ඇතැම් විට සිදුවිය හැකිය.

(myhealth.alberta.ca)

⭕️ලිංගික හර්පීස්  ආසදන වන්නේ කෙසේද?🦠🦠


මෙය රෝගි පුද්ගලයකු සමග අනාරක්ෂිත  ලෙස ලිංගික සංසර්ගය, මුබ සංසර්ගය ගුද සංසර්ගය පැවැත්වී හරහා තවකකුට සෘජුවම ආසාදනය විය හැකියි. ඊට අමතරව. මෙම රෝගි තත්වය සහිත අයකු සිප ගැනිම හරහා හෝ එවැනි තුවලා වලින් එන දියර යමකුගේ ශරිරයට ඇතුළු  වුවහොද සිදුවිය රෝගය වැලදිය හැකියි. නමුත් එය සෘජු ලිංගික  සබදතා  වලින රෝගය පැතිරෙන තරම් අවදානමක් නැත. තවද රෝගි මවක් බිහි කරන දරුවකුටද මෙය වැලදිය හැකිය.

(aidsmap.com)

⭕️රෝගය සදහා ප්‍රතිකාර 🦠🦠

 මෙම රෝගය වැලදුනහොත් 100% ඒ සදහා ප්‍රතිකාර නොමැත.ආසාදිතයන්ට කලින් කලට වෛරසය සක්‍රීය වී නැවත නැවතත් රෝග ලක්ෂණ මතුවිය හැකිය. මෙවැනි අවස්ථාවල රෝගය පාලනය කර ගැනීම සඳහා කෙටි කාලීනව / දීර්ඝ කාලීනව ඹෟෂධ ලබාගත යුතුය. සමහර පුද්ගලයන්ට හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය ආසාදනය වුවද කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන්වයි. 

(es.slideshare.net)

⭕️වලක්වා ගැනීම.🦠🦠

👉විශ්වාසනිය සහකරුවකු හෝ සහකාරියක සමග පමණක් ලිංගික  සබදතා  පවත්වා ගැනීම.

👉අනාරක්ෂිත  ලිංගික  ඇසුරක් පවත්වන්නේනම් ආරක්ෂිත  කොන්ඩම් පැලදීම කර යුතුය.

👉රොගි ලක්ෂ  සහිතනම් වහාම  වෛද්‍ය  උපදෙස් හා ප්‍රතිකාර ලබා ගත යතුය.

(riversidemedical.ca)


සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)

_________________________

මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ page එකට like කරන්න. ඔබගේ අදහස්  යොජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැණුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න. Share කරන්න.

ස්තුතියි..! 


Post a Comment

0 Comments