දූරියන්-Civet fruit,Durian

ලංකාවේ භාවිතා වන නම් :- දූරියන් දුලියන්,ජුලියන්

(ඇතැම් පුද්ගලයන්  හා ඇතැම් ප්‍රදේශවල)

ඉංග්‍රීසි  නම්:-Civet fruit,Durian 

විද්‍යාත්මක නාමය:-Durio zibethinus murray 

freepik.com
පළතුරු අහාරයට එක් කර ගැනීමට බොහෝ දෙනෙකු අතර ඇත්තේ ඉහළ කැමත්තකි. ඒත් රසය හා සුවදින්  යමෙකුගේ රස නහර  පිනවා යන්නත්, තවකෙකුගේ ඔහු හෝ ඇය  සිටින තැනින් පවා ඉවත් කරන්නත් හැකි පළතුරක් පිළිබදව ඔබ අසා තිබේද? ඔව් ! ඔබට මතකයට නැගෙන පළතුර පිළිබදවයි අද අපි මේ ලිපියෙන් තොරතුරු ගෙන එන්නේ.

මෙම සුවිශේෂ  පළතුරු ශාකය ආවේණික රටවල් වනුයේ ඉන්දුනිසියාව හා මැලේසියාවයි. පහත් භූමි සහිත වනාන්තර  වල ඉතා ඉහලට එනම්, මීටර 45 පමණ උසට වර්ධනය වන අතර වතුවල හා නිවාස ආශ්‍රිතව මීටර 10-20 අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙයි. 

සමකයට අංශක 18 ක් දක්වා ඉතා හොදින් දූරියන් ශාකය වර්ධනය වේ.  මුහුදු මට්ටමේ සිට  මීටර් 300-800 අතර හොද වර්ධනයක් පෙන්වයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 සහ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1500-2000 දූරියන් ගස ඉතා හොදින්  වර්ධනය  වීමට අවශ්‍ය  හෞතික සාධකයන්ය.

depositphotos.com

දූරියන් ශාකය ලොව පැතිරී ඇති අනෙකුත්  රටවල් වනුයේ, ඉන්දියාව, කාම්බෝජය, ඔස්ට්‍රේලියාව, පැපුවා නිව්ගිනියාව, ඩොමෙනිකා, මියන්මාරය,තායිලන්තය, වියට්නාමය ,සිංගප්පූරුව, ශ්‍රී  ලංකාව ආදියයි. ශ්‍රී ලංකාවේ මහනුවර, මාතලේ, කලුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල බහුලව දූරියන්  වගා කිරීම සිදු කරයි.

dailynews.lk
මෙම ශාකයේ කඳ, රතු දුඹුරු හා කහ මිශ්‍රිත පැහැයකින් යුතු වන අතර අතු අක්‍රමවත්ව වර්ධනය වෙයි. පත්‍ර ආසන්න වශයෙන්  15 c.m  පමණ සිහින් දිගු හැඩයකට වර්ධනය  වෙයි. අවුරුද්දේ සෑම කාලයකදීම දූරියන් ශාකවල ඵල හට නොගනී. බොහෝවිට වසරකට වරක් හො දෙවරක් පුෂ්ප හට ගනි. විශේෂයෙන්ම ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා  කාලය තුළ වැඩි වශයෙන්  දූරියන් ගෙඩි හට ගනී. දූරියන් මල් සුදු පැහැති හා කහ පැහැයට හුරු ය. එය දිග නටුවක් සහිතය. මල් පොකුරු  ලෙස ශාකයේ අතු හා කදේ හට ගනී. දූරියන් මල ද්වි ලිංගික වන අතර ඒවා රාත්‍රි  කාලයේදි පිපෙයි. එම නිසා එම මල් පරාගනය කිරීම රාත්‍රි  කාලයේ සැරිසරන  කෘමින්, සලබයන් හා පලතුරු ආහාරයට ගන්නා වවුල් විශේෂ  හරහා සිදුවෙයි.

eol.org
මේ දූරියන් ගෙඩිවල පිටතින් තියුණු උල් සහිත කටු පිරුණු ගනකම් පොත්තක් දක්නට ලැබෙන අතර එහි ඇතුළත සුදු හෝ කහ පැහැති මදුලු ඇසිරී පවති.


සාමාන්‍යයෙන් දූරියන් ගෙඩියක් වර්තමානයේ රුපියල් 250 සිට 1000 දක්වා මිලකට අලෙවි වීම සිදු වෙයි. ගෙඩියේ ප්‍රමාණය හා බර මත එහි මිල තීරණය වේ. දූරියන් රස වගේම ශක්තිය වඩවන පලතුරකි. ඉදුණු දූරියන් මදුලුවල අන්තර්ගත පෝෂණ කොටස් පහත පරිදි වේ.

ජලය ,මාංශ ජනක ධාතු,මේදය,පිෂ්ටය ,ශක්තිය ,කැල්සියම් ,පොස්පරස්,යකඩ,කැරොටින් 


ඉතින් රසයෙන් ගුණයෙන් අනූන දූරියන් එක පාරක් හරි රස බලන්න කියලා present medias  අපි හැමෝටම ආරාධනා කරනවා.. 


සටහන :- නීතිඥ සුලෝචනා ඒකනායක

(ඡායාරූප අන්තර්ජාලය ඇසුරින්)


______________________________


මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ page එකට like කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!

Post a Comment

0 Comments