ලංකාවට ආවේණික පක්ෂින්

 කැහිබෙල්ලා 

(Ceylon Blue Magpie )

විද්‍යත්මක නාමය :-Urocissa ornata

www. orientalbirdimages.org
ශ්‍රී ලංකාවට ආවේනික ඉතා වර්ණවත්  පක්ෂියෙකි. ප්‍රමාණයෙන් කොහා පක්ෂියකුට වඩා තරමක් කුඩායි. 42cm -47cm දක්වා දිගක් හිසේ සිට පිටුපස පිහාටු  දක්වා ඇත. 190g-200g. බරකින් යුතුය.ඔළුව  හා තටු දුඹුරු පැහැයක් ගන්නා අතර උදරය හා පිටුපස  පිහාටු ඉතා තද නිල් පැහැයක් ගනි. වල්ගයේ අග සුදු පැයැයෙන් යුත්තය. මිනිසුන්  වාසය කරන ස්ථාන  වලට වැඩි ප්‍රියතාවයක් නොදක්වන පක්ෂීවෙකි.  ඉතා කඩිසර පක්ෂියෙක් වුවද බොහොදුර පියාඹා යැමට ප්‍රිය නොකරයි.


⭕️වාසස්ථාන 

 තෙත් කලාපයේ කඳුකරයේ, කඳු පාමුල සහ වනාන්තර  යාබද පහත් බිම්වල හා ශාක වැඩි නිස්කලංක ස්ථින වල  දක්නට ලැබේ.  එය මුහුදු  මට්ටමේ සිට මීටර් 150 ත් 2150 දක්වා උස්බිම්  වලින් හමු වේ. නමුත් මෙම කලාප වල ගෙවතු වල හෝ උද්‍යාන ආශ්‍රිතව දැකීම ඉතාමත්. ඉතාමත් අපහසුය. මෙම සත්වයා වනගොමු හා නිහඩ පරිසර වලට බෙහෙවින ප්‍රියකරයි.

22weligambay.com
⭕️ආහාර 

 බොහෝ විට කුඩා ගෙම්බන්,කෘමීන්, කටුස්සන්,පණුවන් අදිය ආහාරට ගැනීමට ප්‍රිය කරයි. තවද පළතුරු හා විවිධ ඇට වර්ග  ආදියද ආහාරයට ගනි.

 

⭕️අභිජනනය 

බොහෝවිට මෙම පක්ෂියා තනිව හො යුවල් ලෙසින් හමුවෙයි. ඇතැම් විට 6-7 පමණ  කුඩා රංචුවක් ලෙසද ජීවත් වෙයි.  මොවුන්ට අයත් සීමාවන් වෙන්කරගෙන පවති. ගැහැණු  පිරිමි  අතර පැහැදිලි  වෙනසක් දැකිය නොහැකිය.

ebird.org
අභිජන ක්‍රියාවලියේදි ගැහැණු  හා පිරිම සතා එක්ව කූඩු සෑදිම කරයි. ඒ සදහා මොවුන්  වැඩි උස නැති (අඩි 10-15 පමණ )ගසක මුදුනක් තෝරා ගනි.  එහි කපුටු කූඩුවක් වැනි අවිධිමත්  හැඩයේ කූඩුවක් නිරික්ෂණය  කරයි.  මොවුන්ගේ අභිජනනය  කාලය ජනවාරි  සිට මර්තු මස අවසාන වන තෙක් පමණක් වසරේදි සිදුවෙයි.  එහිදි ගැහැණු  සත්වයා වරකට සුදු පැහැති දුඹුරු පැල්ලම් සහිත බිත්තර 3-5 අතර බොහෝ විට දමයි. ඒවා ගැහැණු  සත්වයා විසින්ම රකිනා අතර පැටුවන්  පැමිණි  විට දෙමා පියන් දෙදෙනාම පෝෂණය කරයි.

srilankanvoyages.com
⭕️තර්ජන

ලංකාවට ආවෙනික මෙම අලංකාරී පක්පීයා වසර 6-7 අතර කාලයක් ජීවත් වෙයි. මිනිස් ක්‍රියාකාරකම්  නිසා මෙම සත්වයා අද වඳවී  යෑමේ තරජනයකට. මුහුණ පා ඇත. වනාන්තර එළිපෙහෙළි  කරීම. ගොවිතැන් හා වායු දූෂනය වැනි සාදක නිසා මෙම පක්ෂයාගේ පැවැත්මට තරජනයක් එල්ල වී ඇත.

ශ්‍රී  ලංකා රජයෙන්ද වනසත්ත්ව හා ශාක ආරක්ෂා  කිරීමේ පනත් යටතේ  මෙම සත්වයා සුරැකීමට පියවර ගෙන ඇති අතර සුරතලයට ඇතිකිරීම සපුරා  තහනම්  වෙයි.

  

අප රටට ආවෙනික මෙවන් සතුන් ආරක්ෂා  කරීම අප සතු වගකීමක් බව අවසාන  වශයේන් present media  අපි සිහිපත් කරමු.


✍️සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)

_________________________

මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ page එකට like 👍කරන්න. ඔබගේ අදහස්  යොජනා ,චෝදනා අපට comment ⌨️කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැණුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න. Share කරන්න.

ස්තුතියි..!


#srilankanbirds #cyclonebluemagpie  #presentmedia  #nature #srilanknbeauty

Post a Comment

0 Comments