නොබෙල් ත්‍යාගය ගැන දැනගමු.

පළමු කොටස-01

මොකද  මේ නොබෙල් ත්‍යාගය.?

නොබෙල් ත්‍යාගය යනු  ලොක්යේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය ,සහ ආර්ථික විද්‍යාව යන  අංශයන් 06 සදහා  එම අංශයේ  දියුණුව සදහා විශිෂ්ට  සේවාවක් සිදුකර පුද්ගලයන් ඇගයීම උදෙසා ලබාදෙන සම්මානයක් හා විශාල  මුදල්  ත්‍ර්‍යගයකි.

නොබෙල් සම්මානය

නොබෙල් ත්‍යාගයේ ඉතිහාසය

1901 වසරේදි ඇල්ෆඩ් නොබෙල් මහතා විසින් මෙම සම්මානය හා තග්‍යගය ලබා දීම ආරම්භ  කර ඇත.  



ඇල්ෆ්‍රඩ්  නොබෙල් යනු ස්වීඩන්  ජතිකයෙකි. ඔහු රසායන විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිපැයුම්කරුවෙක්, ව්‍යාපාරිකයෙක් සහ දානපතියෙක්. ලෙසින් විවිධ නාමයෙන් හැදින්විය හැකිය.  ඔහු සතුව විවිධ  පේටන් බලපත්‍ර 355ක් පැවතුණි. ඔහුගේ විශිෂ්ටතම හා ජනප්‍රියතම සොයා ගැනීම ලෙස ඩයිනමයිට්  හැදින්විය හැකිය.

ඇල්ෆඩ් නොබෙල් මහතා (image : biography.com  

මුල් කාලයේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සහ සාහිත්‍යය යන අංශයන්ට පමණක් නොබෙල් ත්‍යාගය හිමි විය. නමුත්

1968 දි එය ආර්ථික  විද්‍යාවටද හිමි විය.

📍නොබෙල් ත්‍යාගය පිරිනැමීමට දායකත්වය  දෙන රටවල්.

ස්විඩනය අංශ පහක් සදහා Sweden's central bank හි නොබෙල් අරමුදල හරහා මෙම ත්‍යාගයන් ලබා දෙයි.  සාමය සදහා වු නොබෙල් ත්‍යාගය සදහා නොවේ රජය අනුග්‍රහය දක්වයි.

==============================================================

🏅1901 පළමු නොබෙල් ත්‍යාගය දිනාගත් පුද්ගලයන්  හා ⁣පිරිනැමු හේතු.

🎖1901 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය

විල්හෙල්ම් කොන්රාඩ් රොන්ට්ගන් (Wilhelm Conrad Röntgen) විසින් X  කිරණ සොයා ගැනීම

nobelprize.org

🎖 1901 රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය    

 ජේකොබ් හෙන්රිකස් වැන් හොෆ් (Jacobus Henricus van 't Hoff)රසායනික ගතිකතාවයන් සහ විසඳුම්වල ඔස්මොටික් පීඩනය පිළිබඳ නීති සොයා ගැනීම.

ඔහුගේ නොබෙල් දේශනයේදී ඔස්මොටික් පීඩනය සහ ශාක හා සත්ව ජීවිතයේ එහි වැදගත්කම පැහැදිලි කරයි.

nobelprize.org
🎖1901 වෛද්‍ය ත්‍යාගය

එමිල් වොන් බෙහ්රිං. (Emil von Behring)

සෙරම් චිකිත්සාව පිළිබඳ විශේෂයෙන් ම ඩිප්තෙරියා රෝගයට එරෙහි යෙදුම වෙනුවෙනි.

nobelprize.org
🎖1901 සාහිත්‍යය නොබෙල් ත්‍යාගය

  සුලි ප්‍රුඩොම්මේ. (Sully Prudhomme)

nobelprize.org
🎖1901 සාමය සදහා වූ නොබෙල් ත්‍යාගය 

රතුකුරුස හෙදියකි. ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නිර්මාතෘ හෙන්රි ඩුනන්ට්( Henry Dunant )පළමු නොබෙල් සාම ත්‍යාගය එවකට ප්‍රමුඛ ජාත්‍යන්තර සාමවාදියෙකු වූ ෆ්‍රෙඩ්රික් පැසි ( Frédéric Passy)සමඟ බෙදා ගත්තේය. 

left: Frédéric Passy/right:Henry Dunant (https://www.dw.com/)

🎖ආර්ථික විද්‍යාව පිළිබඳ පළමු නෙබෙල් ත්‍යාගය  

1969 දී රග්නර් ෆ්‍රිෂ් සහ ජෑන් ටින්බර්ගන් (Ragnar Frisch &Jan Tinbergen )වෙත පිරිනමන ලදි.

facebook.com
==============================================================

 🎖නොබෙල් සාම ත්‍යාගය දිනුපලමු ආසියාතිකයා.

රබින්ද්‍රනාත් තාගෝර් 1913දී සාහිත්‍ය  වෙනුවෙන්  ජයග්‍රහණය කරන ලදි.

   රබින්ද්‍රනාත් තාගෝර්  (britannica.com)

🎖නොබෙල් ත්‍යාග දෙකක් පිරිනැමූ එකම පුද්ගලයා ලිනස් පෝලිං ය - 1954 රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය සහ 1962 සාම නොබෙල් ත්‍යාගය දිනා ගන්නා ලදි.

ලිනස් පෝලිං (nobelprize.org)

🎖මාරි කියුරි නොබෙල් ත්‍යාගයක් දිනු පළමු කාන්තායි. දෙවරක් මෙම ත්‍යාගය  ගත් කාන්තාවත් ඇයයි.

1903 දී භෞතික විද්‍යාව නොබෙල් දිනාගත් පළමු කාන්තාව මාරි කියුරි ය. එමෙන්ම 1911 දි රසායන විද්‍යාව සදහා ඇය නැවත වරක් දිනා ගන්නා ලදි. එතැන් පටන් මෙම ගෞරව ලැබී ඇත්තේ කාන්තාවන් 10 දෙනෙකුට පමණි. 

මාරි කියුරි (wikipedia.org)

🎖නොබෙල් ත්‍යාගයක්  දිනු ලොව ලාබාල පුද්ගලයා වූයේ මලාලා යුෂුප්රායි(Malala Yousafzai) ය.ඇය එය ලබා ගන්නා විට වයස අවුරුදු 17 කි. ඇය පකිස්ථානු ළමා අයිතින් පිළිබඳ ක්‍රියාකාරීනියකි.

  මලාලා යුෂුප්රායි  (superkind.org)

✍️සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)

______________________________


මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ Present Media page එකට like කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!

Post a Comment

0 Comments