විසිතුරු ඇදුම් හා ආභරන නිශ්පදනයට අවශ්‍ය මින්ක් (Mink)


(dw.com)
කවුද මේ මින්ක් ❓🤔
මින්ක් (Mink) ලෙසින්  හදුන්වනු ලබන්නේ  විසිතුරු ඇදුම් හා ආභරන නිශ්පදනයට  අවශ්‍ය  ලොම් ලබා දීම උදෙසා තම දිවි පුදන කුඩා  මුගටි  විශේෂකි. මිනිසා අතීතයේ සිටම ශාක හා සතුන්  මත යැපුන සත්වයෙකි.  තම ආහාර උදෙසා සතුන් දඩයම් කිරීම කර මිනිසා පසුව ඔවුනට අවශ්‍ය  සතුන් ගෘහාශ්‍රිත ව ඇති කරමින් නව උසස් ප්‍රබේධ බිහිකරමින් තම අවශතා සපුරා  ගැනීමට පුරුදුවූහ. පසුව මුදල් ඉපයිම සදහා මහා පරිමාණ ගොවිපළ  තුල සතුන් අභිජනනය කරීමට යොමු විය.  මිනිසාගේ මනදොල පිනවීමට ලෝකයේ  අපා දුක් විදින සතුන් මේ ලිපිය ලියන මොහොතේත් අති විශාල සංඛ්‍යාවක් ඇත. මින්ක්  සත්වයන්ද එවැනිම සත්වයින් පිරිසකි. මෙම සතුන්ගේ ලොම් ගොදා ගැනීම  11 සියවස දකිවා අතීතයට දිවයයි. 

මෙම සතුන් චීනය, රුසියාව,ඩෙන්මාකය වැනි රටවල විශාල ගොවිපලවල තුළ තනි කුඩා කූඩුවක් තුළ එක සතා බැගින් රදවමින් මහා පරිණාමානයේ අභිජනනය  කරමින් ඇති කරයි. වර්තමාන මින්ක් ලොම් ගොවිපලවල් තුළ සාමාන්‍යයෙන් තනි තනි වශයෙන් කම්බි දැල් වලින් සෑදු කූඩුවල  සතකු බැගින්. හෝ ගැහැණු  සතුන් තම පැටවුන්  සමග ජීවත් වෙයි. එම කූඩුවක් දළ වශයෙන් අඩි 1 ක් පළල, අඩි 1 ක් උස සහ අඩි 3 ක් දිග වන අතර ඒවා තුළ කුඩා ජල බදුනක් සහ සමහර විට ලීයෙන් තැනු කුඩා  පෙට්ටියක් අඩංගු වේ. ඒ මෙම සතුන්ට නිදාගැනීමට හා පැටවුන්  බිහි කිරීම සදහාය.

කම්බි දැල් වලින් සෑදු කූඩු (Alibaba.com)

මෙසේ සිය ජීවිත කාලයම ඒකාකරී කුඩා කූඩුවක දිවි ගෙවන මෙම සතුන් අවසානයේ ඉතා දුක්ඛිත ලෙසින් තමාගේ ජීවිය කැපකරන්නේ  මිළ අධික  අලංකාරන ඇදුම්,බෑග්,කබා  මෙන්ම කෘත්‍රිම  ඇස් පිහිටු ආදී පටු මිනිස් ආශාවන් නිශ්පාදනය කිරීම වෙනුවෙනි. "කොපන්හේගන් ෆ" (Kopenhagen Fur ) යනු ඩෙන්මාර්කය තුළ  තිබෙන විශාල  මින්ක් සම් නිෂ්පාදනය කරන ලොව ඉතාමත් ප්‍රසිද්ධ සමාගමයි.

මින්ක් සම් (kopenhagenfur.com)


"කොපන්හේගන් ෆ" (Kopenhagen Fur ) යනු ඩෙන්මාර්ක සමාගම.(kopenhagenfur.com)

මෙම සතුන් පිළිබඳ  මෑතකදි කතා බහ ඇතිවූවේ ගෝලිය කොවිඩ් වසංගතය ව්‍යාපෘතිය  සමග මෙම සතුන් හරහා එය බෝවන බව සොයා ගැනීම නිසා ඩෙන්මාර්කය සතුන් මිලියන 17ක් ඝාතනය කිරීමට තීරණය කිරීම නිසාය. මින් මිලියන 4ක් මෑතකදී  ඝාතනය කර ඇතර ඉන් දැඩි සමාජ විරොධයක් හා මෙම සතුන් ඝාතනය කොට වල දැමීම නිසා සමාජ ප්‍රශ්ණ රුසකටත් ඩෙන්මාකට රජය මුහුණ  පෑමට  සිදුවිය. අවසානයේ එම මල සිරුරු  පිලිස්සීම තීරණය විය. එරට අගමැතිය මෙට් ෆෙඩ්රික්සන් Mette Frederiksen මින්ක් ගොවි පළක් නැරඹීමට ගොස් කදුළු සලමින් සංවේදිව කතා කරන ලදි. ඔවුන් 2022 වනවිට ඩෙන්මාකයේ මින්ක් ගොවිපලවල්  සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර තිබෙයි.

⭕️මින්ක් යනු කවරෙක්ද?🦝❓

මින්ක් යනු වීසෙල් පවුලට( Weasel  family )අයත් මාංශ භක්ෂක කුඩා මුගටි විශේෂයකි.  මින්ක් වර්ග  දෙකක් පමණ  ඇත.

1. ) 🦝යුරෝපිය මින්ක් -The European mink (Mustela lutrepbs.orgola)
යුරෝපිය මින්ක් (pbs.org)

2.) 🦝 ඇමරිකන් මින්ක් -The American mink(Neovison vison

ඇමරිකන් මින්ක්https (fergusonmuseum.org)
මින් ඇමරිකන්  මින්ක් විශේෂය ලොව පුරා ලොම් ලබාගැනීමට සදහා බහුලව ඇතිකරයි. මින්ක් විශේෂ දෙකම සෙන්ටිමීටර 13-23 වලිගයක් ඇතුළුව සෙන්ටිමීටර 30-50 (අඟල් 12-20) පමණ දිගක්ට වර්ධනය  වන අතර බර කිලෝග්‍රෑම් 2 (රාත්තල් 4.5) හෝ ඊට වඩා  අඩු විය හැකිය. ගැහැණු සතුන් පිරිමි සතුන්ට  වඩා ප්‍රමාණයෙන් කුඩාය.  කෙටි කකුල්, දිගු බෙල්ලක් සහ කෙටි,වටකුරු කන් සහිත පුළුල් හිසක් ඇත. ශරීර වර්ණයන් වනාන්තර වල වාසය කරන සතුන්ගේ බොහෝවිට දුඹුරු වන අතර සමහර විට උගුර, පපුව සහ යටි පතුල් වල සුදු සලකුණු ඇත. නමුත් මිනිසා විසින්  ඇති කරන සතුන් සුද, දුඹුරු,කළු නිල් පැහැය මිශ්‍ර අළු හා ඉහත පාට කවලම් වු ආකාරයේ  සතුන් ලෙසින්  දැකිය හැකිය.මොවුන්ට  ඉතා සිනිදු ලොම් තට්ටුවක් පිහිටා  ඇත.

(nature.com)
🦝⭕️වාසස්ථාන හා ආහාර  රටාව🦝

මින්ක් යනු කුඩා මංශ භක්ෂක සත්වයෙකි. ස්වාභාවික  පරිසරයන් තුළදී මෙම සතුන් ජලය ආසන්නයේ හා පොළවේ හාරගත් උමන් තුළ ජීවත් වෙයි. මොවුන් ජලය ආසන්නයෙන්   ගං ඉවුරු වල වැඩි වශයෙන් ගැවසීමට ප්‍රිය කරයි. මින්ක්ලාට ජලයේ හොදින් පිහිනීමට හා කිමිදීමේ හැකියාවද ඇත.  ස්වාභාවික  පරිසරයේදි පිරිමි සතුන් සීම  පිහිටුවා ගනි ඒ සදහා සටන් වැදීම්ද දැකිය හැකිය.මොවුන් ආහාර ලෙස ස්වාභාවික  පරිසර වලදි ගෙම්බන්, කකුළුවන් ,සලමන්දරන්, පොකිරිස්සන්  කටුස්සන් ආදි සතුන්  අල්ලා ආහාරයට ගනි. ඊට අමතරව  කුඩා කෘමීන්, කුරුල්ලන් ,කුරුළු  බිත්තර, කුඩා හවුන් වැනි සතුනද ගොදුර කර ගනි.ඇතැම් විට කුඩා මින්ක පැටවුන් පවා ආහාර ලෙස ගනි. වාණිජ  වශ⁣යෙන් ඇති කිරීමෙදි කල් ඉකුත් වු චීස්, මස්, කුකලු හා මලු නිෂ්පාදනවල අපද්‍රව්‍ය ලෙස බැහැර කරන කොටස්  ගොවිපල තුළදි කෘතිමව ප්‍රෝටීන  බහුලව සැකසු ඉතා ඉක්මනින් වන  ආහර හා ලොම් වර්ධනය වන ප්‍රතිශතය වර්ධනය  වන ආහාර  ලබා දෙයි. සාමාන්‍යයෙන් 1000ක් පමණ  මින්ක් සතුන්  ඇති ගොවිපළකට දිනකට ටොන් එකකට ආසන්න කැම අවශ්‍ය  වෙයි.

(reddit.com)

⭕️🦝අභිජනනයය.🦝

මොවුන්ගේ ගැබ් කාලාය දින 49-75 අතර කාලයක්  ගැබ් ගන්නා අතර වසරකට වරක් පැටව් මුරයක් බිහි කරයි. හකවර පටව් 10. පමණ බිහි කරන අතර ගොවිපළවල් තුළ ඇතැම්  විට පැටව් 16 දැමු අවස්ථාව  ඇත. පැටවුන් මව සමග මාස 5-6 ජීවත් වෙයි. මාස 10න් පමණ  ලිංගික  පරිණතියට පැමිනෙයි. සාමාන්‍යයෙන්  වසර 10-13 උතර ජීවත් වෙයි. මොවුන්ගේ  සතුරන් ලෙස මිනිසා, උකුස්සන් , බිලාල කුලයේ සතුන් , නරියන් වුකෘයන්  අදිය සිටි.

(opb.org)

⭕️🦝මින්ක්  සතුන්ගේ භාවිතය 🦝

වනාන්තර තුළ සිටින මින්ක් සතුන් උගුල් අටවා,වෙඩි තබා හෝ දඩයම්  සුනඛයන්  යොද ගනිමින්  ඝාතනය කරයි. නමුත් ගොවිපළ තුල අතිකරන සතුන් කාබන්මොලලොක් (co) වායුව , විදුලිය ඇල්ලිම හෝ පණ පිටින් අමානුෂික  ලෙස කකුල කපා සම ඉවත් කිරීම පවා සිදුකරයි. මින්ක් සතුන්ගේ කිසිදු  ශරීර කොටසක් අපතේ නොදයි.

ප්‍රධාන  ලෙස විසිතුරු  කබා අදුම් හා කෘතීම ඇහිබැමි ආදිය නිශ්පදන්ට ගොද ගනි. ජල ප්‍රතිරෝධ තින්ත මින්ක් තෙල් වලින් නිපදවයි. මින්ක් තෙල් ඔෂද ලෙස හා රූපලාවණ්‍ය  නිශ්පදන්  සදහා අවශ්‍ය  සත්ව  තෙල් ලෙස  භාවිතා  කරයි. අපද්‍රව්‍ය වගා කටයුතු ලෙසත් ද්‍රව ජෛව ඉන්දන නිශ්පදන් කිරිම යොදා ගනි.

විසිතුරු  කබා (baltics.news)
සියලු  සතුන්ට ජීවත් වීමේ අයිති ඇති හෙයින් මෙසේ කිසිවකුට  හිංසනයක් නැති අහිංසක  සතුන් මිනිසාගේ. පටු ආශාවන් උදෙසා ඝාතනය කිරීම අප සැම හෙලා දැකිය යුතුය. තවද මිනිසුන් එවැනි නිශ්පාදනවලට ප්‍රතික්ෂේප  කරීම වැඩිවූ විට. නිශ්පදන අඩුවන හෙයින් මෙවැනි සත්ව  ගොවිපළවල්  ගොවිපළ වැසි යනු ඇත.


සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒𝕤 𝕋𝕖𝕒𝕞©️ ☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)


_________________________

මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ page එකට like කරන්න. ඔබගේ අදහස්  යොජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැණුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න. Share කරන්න.

ස්තුතියි..! 


Post a Comment

0 Comments