අපේ දිවි සුරකින ඕසෝන් වියන🌎

 

නව කොවිඩ් වයිරසයේ බලපෑමත් සමග වර්තමානයේ දැඩි ලෙස කතා බහට ලක් වුනු මාතෘකාවක් ලෙස වායු දූෂනය හැදින්විය හැක. ඔබ දැනටමත් දන්නා පරිදි අසල්වැසි ඉන්දියාව මේ වන විට වායු දූෂනයේ අග්‍ර ඵල බුක්ති විදිමින් සිටියි. නුදුරු දිනකදී ම එහි කොටස්කරුවන් වීමට ලෝකවාසී අපටද සිදුවනු ඇත. ඉතින් අද මේ ලිපිය මගින් වායු දූෂනයේ අපට නොපෙනෙන පැතිකඩක් පිළිබදව තොරතුරු ගෙනෙන්නයි සූදානම..

(Kompas.com)

මොකක්ද මේ ඕසෝන් වියන?

අප ජීවත් වන පෘථිවි ගෝලය තුළ මුහුදු මට්ටමේ සිට කි.මී 10-50 ත් අතර ඇත්‍තේ ස්තරයකි. ඒ තුල ඔක්සිජන් පරමාණු ත්‍රිත්වයකින් සැදුම්ලත් ඕසෝන් වායු අණු ඇත. එනම් පැහැදිලි වන්නේ එම ස්ථරය ස්වාභාවික වායු කලාපයක් බවයි. එය සමස්ත වායු ගෝලයේ පරිමාවෙන් 0.000007% ක අගයක් ගනී. එලෙස නිම වී ඇති වායු කලාපය අප ඕසෝන් වියන ලෙස හදුන්වනු ලැබේ.


ඔක්සිජන් පරමාණු ත්‍රිත්වයකින් සැදුම්ලත් ඕසෝන් වායු අණු(Autogear.ru)

මොකක්ද එහි කාර්යය?

ප්‍රධාන වශයෙන්ම, සූර්යයාගෙන් පෘථිවියට එන පෘථිවියේ ජීවීන්ට අහිතකර පාරජම්බූල කිරණ(UV) මැඩපවත්වනු ලබයි. එනම්, ඕසෝන් ස්ථරය, හිරුගෙන් එන අහිතකර කිරණ උරා ගන්නා පෙරනයක් ලෙස ක්‍රියා කරමින් අපට ජීවිතය පවත්වාගෙන යාම තහවුරු කරයි.❤️


වර්තමානයේ කොහොමද ඕසෝන් ස්ථරයේ තත්ත්වය ?


ඉතාමත් කණගාටුදායකයි.. 🥺  ඕසෝන් ස්ථරය තව දුරටත් එහි උපරිම ක්‍රියාකාරිත්වය අප වෙනුවෙන් යෙදවීමට සුදුසු තත්ත්වයේ නැත. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඕසෝන් අණු අඩු වීම නිසා ඕසෝන් වියන තුනී වී ඕසෝන් සිදුරක් නිර්මාණය වීම දක්වා අර්බුදකාරී තත්වයක් අද වන විට උද්ගත වී ඇත. 

❌ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් 

❌හේලෝන්

❌මෙතිල් බ්‍රෝමයිඩ් 

වැනි රසායනික දෑ මේ ඕසෝන් වියන විනාශ කරන ප්‍රධාන කාරක වේ.

සුවද විලවුන් වර්ග, තීන්ත, ස්ප්‍රේ ආදිය නිෂ්පාදනයට සහ ශීතකාරකයක් ලෙස බහුලව මේ ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් යොදාගනු ලබයි. එමෙන් ම පලිබෝධ නාශක නිෂ්පාදනය, ගිනි නිවීම ආදියේ දී ද ඉහත කී රසායනික ද්‍රව්‍ය බහුලව යොදා ගනී.🥺


ඕසෝන් වියන සම්පූර්ණයෙන් විනාශ උනොත් මොකද වෙන්නෙ?

➡️සූර්යයාගේ කිරණ පාලනයකින් තොරව පෘථිවි ගෝලය තුලට පිවිසීම නිසා පෘථිවිය උනුසුම් වී අයිස් කදු දිය වෙලා සාගර ජල මට්ටම ඉහළ යන්න පුලුවන්. එවිට අපේ වගේ දූපත් රටවල් තවදුරටත් දූපතක් ලෙස පවතින්නෙ නැති වෙන්න පුලුවන්.😭

➡️ මිරිදිය හා කරදියෙහි වෙසෙන මසුන් , උභය ජීවී බිත්තර විනාශ වීම.

➡️සූර්‍යයාගේ අහිකර කිරණ නිසා අපේ සම පිලිස්සීම, සමේ පිලිකා ඇති වීම වගේම අපේ ඇස් අන්ධ වීම.

➡️අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වීම සහ එම නිසා විවිධ ලෙඩරෝගවලට අපි ගොදුරු වීම.

  

එසේ නම් දැන් පැහැදිලි වෙනවා අපට ඇයි අපි මේ ඕසෝන් වියන රැක ගන්න ඕන කියන එක..අපේ ජීවිතය පවත්වාගෙන යන්න වගේම අනාගතයේ ඉපදෙන ජීවීන්ගේ ජීවයේ සුරක්ෂිතතාවය තහවුරු වෙන්න නම් අපි මේ ඕසෝන් ස්තරය ආරක්ෂා කළ යුතුමයි. ඒ වෙනුවෙන් පලමු පියවර ලෙස සැප්තැම්බර් 16 ජාත්‍යන්තර ඕසෝන් දිනය ලෙස නම් කර ඇත. ඒ විතරක් නෙවෙයි ඉහත සදහන් කරන ලද රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන නිෂ්පාදනයෙන් සහ භාවිතයෙන් බැහැර වෙලා අපටත් තනි තනිවම මේ වෙනුවෙන් පුංචි හරි දායකත්වයක් ලබා දෙන්න පුලුවන් ❤️


සටහන :- නීතිඥ සුලෝචනා ඒකනායක

(ඡායාරුප අන්තර්ජාලය ඇසුරින්)

______________________________


මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ page එකට like කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!

Post a Comment

0 Comments