Knife Fish (මන්නයා)
Knife Fish (මන්නයා) -Chitala ornata (fishlaboratory.com) |
වටිනා මින් මැදුරුවල සුලබව දක්නට ලැබෙන මෙම මත්ස්‍යා ඉතා සුවිශෙෂිත්වයක් දරයි. නමුත් අප රට තුලදී මෙම මත්ස්‍යාගේ විසිතුරු දැක්ම අල්ප වෙයි. එනම් මෙරට තුල මන්නයා ටැංකි වල හෝ වෙනයම් අයුරකින් විසිතුරු මත්ස්‍යයෙකු ලෙස ඇති කිරිම දුර්ලභය.
කුලය :- Notopeteride
විද්‍යාත්මක නාමය-Chitala ornata
සිංහල නම :- මන්නයා, ඩොට් මළුවා.
ඉංග්‍රීසි නම :- Knifefish, Oscillate Featherback, Clown Featherback, Clown Knifefish, Spotted Knifefish.
වෙනත් නම් :- Notopeterus Chitala,
Notopeterus Ornata.
( Hamilton,1822,Gray 1831)
කෙසෙවෙත්ත් මෙම මත්‍ස්‍ය වර්ගය අප රට තුලදී ආක්‍රමනික මත්ස්‍යයෙකු ලෙස ක්‍රියා කරයි. මන්දයත් විදෙශ් රටකින් පැමිණ මෙරට තුල ධීවර මත්ස්‍ය අස්වැන්නට කරන බලපෑම නිසාය. මේ අනුව මන්නයා නිවර්තන ආසියානු ඉන්දු-චීන මිටියාවත්, තායිලන්තය, ලාඔසය, ඇමරිකා එක්සත් ජනපදයේ ප්ලොරීඩා ප්‍රාන්තයේ, දකුණු ඇමරිකාවේ නැගෙනහිරින්, සහ මධ්‍යම අප්‍රිකාවේ බටහිර (කොංගෝව ආශ්‍රිතව) කොටස තම නිජබිම් කරගනී.
ඒ අනුව අප රට තුලදී කොළඹ හා ඒ අවට ප්‍රදේශ වලින් වර්තා වේ. 1994 වර්ශයේදී දියවන්නාවෙන් පළමු වරට හමුවන මන්නයා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙ සිට අහම්බෙන් ස්වාභවික ජලාශ වලට එකතු වී ව්‍යාප්ත වන්නට ඇතැයි මත පල වේ. (1992 ජුනි මාසයේ සිදුවු දරුණු ගංවතුරින් පසුව මෙසේ ව්‍යාප්ත වන්නට ඇති බව.)
විසිතුරු මත්ස්‍යයෙක් ලෙස ඇති කිරීමට ගන්නා විවිධ මන්නයා (Knife Fish ) මසුන් (YouTube.com BalyanakTV) |
කෙසේ නමුත් මින් මැදුරු වල ඇති කිරිමට වඩාත් අලංකාරවත් හා ආකර්ශණීය මන්නයා ශ්‍රී ලංකාව තුල ඉතා අල්ප වශයෙන් ඇතිකරනු ලබයි. මෙම අඩුවීමට හෙතුව වන්නේ ලංකාවෙදී මන්නයාගේ වෙලද අගය තරමක් වැඩි වන අතරම මන්නයා සදහා අවශ්‍ය අවම ජල පහසුකම්, එනම් ජිවත් වීම සදහා අවශ්‍ය ඉඩ කඩ ( විශේෂයෙන් ඉඩකඩ ඇති ටැංකි) හා ආහාර ලබා දීමේදී (කුඩා මත්ස්‍යයන්, වියලි නොවු ((අමු)) හාල්මැස්සන්,....) වැනි තරමක් වියදම් අධික කර්‍යයක් වීමයි. මන්නයාගේ ආහාරයට ගොදුරු වන්නේ කටට හසුවන කුඩා මත්ස්‍යයන් හා ජල පැළෑටිවෙයි.
ස්වාභාවික ජලාශයක් තුලින් අල්ලා ගත් ඉතා විශාල ලෙස වර්ධනය වූ මත්ස්‍යයෙක් (Change.org) |
මේ අනුව ආක්‍රමනික මත්ස්‍යය ගණයට අයත් වන මන්නයා වෙනත් රටවල් තුලදී ආහරයට ගත්තද ( තායිලන්තය වැනි විදෙශ් රටවල්.)අප රට තුලදී මන්නයාට ආහරමය වශයෙන් කිසිම අයුරකින් ලාබදායී නොවේ. එසේම වෙනත් රටවලදී මන්නයාගේ ප්‍රභේද ගනනාවක් දක්නට ලැබෙන අතර එයින් කිහිපයක් පහත දැක්වේ. එසේම එරටවලදීද ආර්ථික වශයෙන් හානි කරන ප්‍රධාන පෙලේ මන්නාවන් වර්ගද ඇති බව හදුනාගත හැකිය.
නමුත් ශ්‍රී ලංකාව තුලදී දැක ගත් හැක්කේ විද්‍යාත්මක නමින් #Chitala_ornata වන #Clown_Knifefish හෙවත් #මන්නයා පමනකි.
මෙරට තුලදී මන්නයාගේ සාමන්‍ය ජලජ් පරිසරය (ස්වාභවිකව වැඩෙන්නන්ගේ ) සලකා බැලීමෙදී එය තරමක් නිසල ජල තලයක් විය යුතු අතර වැඩි ජල පහරක් ගලා යන ජලය මොවුන් ප්‍රිය නොකරයි. එසේම දුෂිත ජලයේ වුවද බධාවකින් තෙරව ජීවත් වීමේ විශේෂ හැකියාව මන්නයා සතු වීම, මන්නයාගේ වැඩි ව්‍යාප්තියට හා ගහන වර්ධනය වර්ෂිකව වැඩි වීමට හෙතුවී තිබේ. මන්ද යත්, දූෂිත ජලයකදී වුවද ජලයේ මතුපිටට පැමින පිරිසිදු වාතය ලාබා ගැනිමේ හැකියාව මන්නයා සතු වීමයි.
මන්නයාගේ සාමන්‍ය දින චර්‍යාව හා ගති ලක්ෂණ බැලු විට අක්‍රමවත් චර්‍යා ලක්ෂන පෙන්නුම් කරයි. බොහො විට රාත්‍රී කාලයේ ක්‍රියාකරී සමජිකයෙකු වන මන්නවගේ දහවල් කාලය ඇල්මැරුනු ස්වභාවයක් ගනී. නමුත් අවශ්‍ය මොහොතකදී ( ගොදුරක් ඇස ගැටුන විටදී) දීවා-රාත්‍රී නොසලකා සැනින් ක්‍රියාත්මකද වෙයි.) සාමාන්‍ය අභිජනනය
මාර්තු වල සිට ජූලි මසය තෙක් සිදු වන අතර ගැහැණු මත්ස්‍යා විසින් දිරාගිය අත්තක හෝ ශාක් කදක බිජුලන අතර පිරිමි මත්ස්‍යා විසින් ඒ මත් මඩ තැන්පත් වීම, වෙනත් විලෝපිකයන්ගෙන් ( කුඩා මගුරන්, හා අනෙකුත් විලොපිකයන්ගෙන්) ආරක්ෂා කිරීම ද, බිත්තර සදහා අවශ්‍යා වතය ලබා දිම තම විශේෂිත වු ගුද වරලින් පවන් සලයි. ශරීර වර්ණය ගත් විට එය පෙදු එක් වර්ණයකින් හදුනා ගත නොහැකි අතර සාමන්‍ය පෙදු වර්ණයන් ළා අළු පැහැයේ සිට තද දුඹුරු දක්වා වෙයි. මන්නයාටම විශේෂිත වූ ශරීර ලක්ෂණ අතර ගුද වරල, පැතැලි සිරුර, පහලට නෙරු මුඛය සහ හිස, ශරීරයෙ පිට හමෙහි සුදු පාටින් වටවූ කලු ඩොට් පිහිටා තිබීම පෙන්වා දිය හැකිය. ( ශ්‍රී ලංකාවෙදී මන්නයා #ඩොට්_මාළුවා ලෙස නම් කරන්නේද මෙම විශේෂිත වූ ඩොට් ලක්ෂණය නිසාවෙනි.) මේ නිසාම මොවුන් විසිතුරු මත්ස්‍යයෙකු ලෙස ටැංකි වල ඇතිකිරීමට යොදා ගනී.
මෙසේ හදුනා ගන්නා ලද මන්නයා අප රට තුල දී විශෙෂ විසිතුරු මත්ස්‍යයෙකු නොවුනද වෙනත් රට වල දක්නට ඇති මන්නයාගේ ප්‍රභේද වලින් මන්නයාට විසිතුරු මත්ස්‍යයෙකු ලෙස ඇති වැදගත් කම පෙන්වා දිය හැකිය.
ලංකාවේ බහුලව knife Fish මසුන් හමුවන බොල්ගොඩ ගංඟාව(dailynews.lk) |
කෙසේ නමුත් කිවයුතු කරුණක් වන්නේ මන්නයා අප රට තුල ලාභදායී නොවන අතරම මෙරට මත්ස්‍ය කර්මන්තයට දැඩි ලෙස අහිතකර බලපෑම් කරයි. මන්නාවට විලෝපික වන මත්‍ස්‍යයෙකු හෝ වෙනත් සත්තවයෙකු ප්‍රධාන ලෙස හදුනාගෙන නැති අතර... දියබල්ලන් මොවුන්ගේ විලොපිකයන් වේ. නමුත් ජලජ පරිසරයේ අභ්‍යන්තරයේ වෙසෙන මන්නාවාට විලොපික වීමට දියබල්ලන් බොහොසෙයින් අසාර්ථක වෙයි. මෙලෙස විලොපිකයන් නොදරන මන්නයා අප රට තුළදී ධීවර මත්ස්‍ය අස්වැන්නට හානිකර කරයි. මන්නාවගෙන් බලපෑමට ලක්වන මත්ස්‍යයන් ලෙසතිලාපින්, කොරළි (මල් කොරළි, මඩ කොරළි),ලූලා මත්ස්‍යයන්,ඉස්සන්, වැන්නවුන් සදහන් වේ.(බොල්ගොඩ ධීවර මතයට ඇනුව) මොහු ස්වාභවික ජලාශ වලට එක් වන්නේ ටැංකි වල විසිතුරු මත්ස්‍යයෙකු ලෙස ඇති කොට මන්නයා විශාල වීම නිසා වන අතර එය මන්නයාගේ ව්‍යාප්තිය තව තවත් වැඩි කරන්නක් වෙයි. විසිතුරු මත්ස්‍යයෙකු ලෙස ඇති කිරීමට නම් අවශ්‍ය පරිදි විශාල ඉඩක කල යුතු අතරම ස්වභාවික ජලාශ වලට එක් කිරීම නොකලම යුතුම කටයුත්තකි.
විසිතුරු මසුන් දැනුවත්ව ඇති කිරීම මගින් මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමට දායක වන්න.
සැකසුම :- ලලිත් සමරසිංහ.
(ඡායාරුප හා ඇතැම් විස්තර අනර්ජාලය ඇසුරින්)
______________________________
මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ වන්න. අපගේ page එකට like කරන්න. ඔබගේ අදහස් යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.
ස්තුතියි..!
0 Comments