ඇරල් මුහුදේ ඛේදවාචකය.

 ඇරල් මුහුද - Aral Sea

(JSTOR Daily)




 
   සාගරයක හා මුහුදක වෙනස

සාගරයක් හා මුහුදක් යනු එකක්ද ? 

පිළිතුර :-නැත. 😮

සාගරය යනු ලෝකයේ මහද්වීපයන් වෙන් කරමින්  පැතිරී ඇති කරදියෙන් පිරි විශාල ජල කඳකි. මෙය පෘථිවියෙන්  70% වැඩි අගයක පැතිර පවති.. මුහුදක් යනු ගොඩබිමකින් වටවු ලවණ ජලයෙන් පිරුණු ස්වාභාවික  ජලාශකි. මී⁣ට පෙර ලෝකයේ ප්‍රසිද්ධ මුහුදු  ලෙස මල මුහුද ,රතු මුහුද ආදිය පිළිබඳ  තොරතුරු  අනිවාර්යයෙන්ම ඔබ අසා ඇත. නමුත් මෙම ඇරල් මුහුද ලෝකය තුළ වඩාත් ජනප්‍රිය  වන්නේ කාන්තාරයක් බවට පත්වූ මුහුදක් ලෙසිනි. එසේත් නැතිනම් අතුරුදන්  වූ මුහුදක් ලෙසිනි. දශක  පහක පමණ අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් සිදුවු දැවැන්ත පාරිසරික විනාශයක් ලෙසින් ඇරල් මුහුදේ  ඛේදවාචකය පෙන්වා දිය හැකිය. මෙම ලිපියෙන් අපි ඔබට තොරතුරු ගෙන එන්නේ මිනිසා විසින් සොබා දහමට සිදුකරන ලද දැවන්තම  විනාශයක් නිසාවෙන් මිහිමතින් ඇතුරුදහන්වු ඇරල් මුහුද පිළිබඳවයි.

🌊ඇරල් මුහුද 🌊

 📍පිහිටීම

කසකස්ථානයේ දකුණු  දිශාවට හා උස්බෙකිස්තානයේ උතුරු  දිශාවට මායිම්ව  පිහිටා ඇත. මෙම රටවල් මධ්‍යම  ආසියාවට අයත් රටවල් දෙකකි. ඇරල් මුහුදේ පරිමාව වර්ග කිලෝමීටර් 68000  ක් පමණ  විශාල විය.  එය ලෝකයේ හතරවන විශාලතම අභ්‍යන්තර  ජලාශයද  ද විය. මෙම මුහුද වසර මිලියන ගනනක් පැරණි විය. මෙමගින්  විශාල  මත්ස්‍ය  අස්වැන්නක් ලබා ගැනීමට එවකට හැකියාව පැවතුණි. තවද මෙහි ජලය  ලවණ ගතියෙන් අඩු වු නිසා ගොවිතැන්  සදහා  ද ⁣භාවිත කරන ලදි. ඇෆ්ගනිස්තානය,ඉරානය,රුසියාව,තජකිස්තානය වැනි රටවල් පවා මෙම මුහුදේ ජලයෙන් ප්‍රයෝජනගත් රටවල්  කිහිපයක් ලෙසින් හැදින්විය හැකිය. විශේෂයෙන්ම  රුසියාවට අවශ්‍ය  සමස්ත මත්ස්‍ය   ප්‍රමාණයෙන් හරි අඩක් සපුරාලීමට  මෙම ජලාශයට එකල හැකි විය. 

ඇරල් මුහුද හා අනෙකුත් රටවල් පිහිටා ඇති අයුරු.( WorldAtlas)

ඇරල් මුහුද පෝෂණය කරන ලද ගංගා  දෙකක් පැවතුනි. එනම් , මෙයට උතුරු දෙසින් ජලය ගෙන ආ "අමු දරියා"(Amu Darya )සහ  දකුණු දිශාවෙන් ජලය ගෙන ආ සයිර් දරියා( Syr Darya ) යනුවෙන් හැදින්වෙන ගංගාවන් දෙකයි . නමුත්  මේ සියල්ල  අද වනවිට වෙනස්වගොස් හමාරය.

ඇරල් මුහුද පෝෂණය කරන ලද ගංගා  දෙක (columbia.edu)

⬇️විනාශයේ ආරම්භය

1977 සිට 2006 දක්වා මුහුදේ සිදීයාම දැකිවෙන චන්ද්‍රිකා ඡායාරෑප 3ක්
(columbia.edu)

අද වන විට නිසරු කාන්තාරයක් වී ඇති මෙම භුමියේ විනාශය ආරම්භ  වන්නේ මීට දශක 5 කට පෙරය. එනම් 1960 දි පමණය. රුසියාවේ ස්ටාලින්  පාලන සමය තුළ සෝවියට් රුසියාවට අයත් භූමිතුළ මහා පරිමාණ  වගා සංග්‍රාමයක් ආරම්භ  කරන ලදි. ඒ අනුව  කපු වගාව විශාල  ලෙසින්  සිදුකරගෙන යාම සිදු වූ අතර මෙම සුවිශාල  මුහුදට දැඩි බලපෑමක් එමගින් සිදුවිය. මේ කාලය වන විට සෝවියට් සමූහාන්ඩුවේ පාලකයා වූයේ  නිකිටා කෘච්චෙව් ය.( Nikita Khrushchev)  ඇරල් මුහුද සිදී යාම ආරම්භ  වන්නේ මොහුගේ පාලන කාලසීමාව තුළය. කපු වගාව නිසා රුසියාවට ඉතා ඉහළ ආර්ථික වාසි පැවැතුණ බැවින් විශාල  ලෙස කපු වගාව සදහා ඔවුන් ගොවීන්ට පහසුකම් සපයන ලදි. ඒ අනූව එතෙක් කල් මෙම ඇරල් මුහුද පෝෂණය  කළ ගංගාවල ජලය ඇළවේලි  හරහා වගා භූමිවලට ගෙන යාම ආරම්භ  විය.  මේ ආකාරයෙන් ජල පෝෂක ප්‍රදේශ විශාල ලෙස අහිමි වීම ඇරල් මුහුදේ සිදියාමට ප්‍රධාන වශයෙන් බලපාන ලදි. ඇරල් මුහුදට ලැබුණු  ජලයෙන් 1/5 ක් වර්ෂාවෙන් ලැබුණද ඉතිරි 4/5 ක්ම  ලැබුනේ ඉහත කී  ගංගා  දෙකෙනි. මුහුදේ ජලය ස්ථාවරව පැවැතීමට නම් එහි වාෂ්ප  වන හා ඉන් පිටවන ජලයට සමාන ප්‍රමාණයක් නැවතත් එම ජලාශයට ලැබිය යුතුය. එවිට ස්ථාවර  ජල ප්‍රමාණයක් එහි නිරතුරුව  රැදී පවති. 

(lifereport.net)

නමුත්, විශාල  ලෙස මුහුදට ජලය ගලා ආ ඉහත කී ජල ප්‍රභවයන් දෙක අවහිර  කරමින් කපු වගාවට ඇළ වේලි ඉදිකර ජලය ගැනීම නිසා වියලි කාලාපයක පැවති මෙම විශාල  ඇරල් මුහුද සිදී යාම සීග්‍රයෙන් ආරම්භ  විය.  මේ වනවිට ඇරල් මුහුදේ ආරක්ෂාවට රුසියාව කුඩා නැව් පවා යොදවා තිබුණි.  මෙම තත්ත්වය තුළදි රුසියාව මුහදේ ජලය හිදී යන බව තේරුම් ගත්තද ඔවුන්ට එය නැවැත්වීමට අවශ්‍ය  නොවුයේ කපු වගාවෙන් ඔවුන් ලබූ ආදායම අතිමහත්  වූ නිසාවෙනි. 

ඇරල් මුහද සිදීමට බලපාන ලද වීශාල පරිමාණයෙන් කර කපු වගාවක්.(calida.com)

තත්වය මෙසේ තිබිය දි දිගින් දිගට ම මුහුද සිදි ගිය අතර එය 2000 වසර වන විය ඉතා කුඩා කොටසකට සීමා වු අධික ලවණතාවයෙන් යුතු කුඩා ම ජලාශයක් විය.  එනම, 2000 වසර පමණ  වන විට මෙහි ජලයේ ලවණතාවය 100 ppt දක්වා වැඩි වී ඇත. එය තව දුරටත් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි  තරමට අධික ලවණතාවයෙන් යුතු හීනි වු ජලාශයක් වි හමාර විය. ලවණ  අධික  වීම නිසා මෙහි මසුන්  මියයෑමද සිදුවිය. ඇරල් මුහුදේ 1960 දි ⁣ වාණිජමය  මත්ස්‍ය  අස්වැන්න ටොන් 43000 ට වඩා වැඩි වූ අතර එය 1980 වන විට 0 බවට පත්විය.  මුහුද ආසන්නයේම පැවති ධීවර ගම්මානයේ සිට මුහුදට යෑමට කිලෝමීටර දෙකකටත් වඩා යායුතු විය. ඒ අනුව මෙහි ඛේදනීය තත්වය වඩාත් හොදින් ඔබට සිතාගත හැකි වනු ඇත.

අධික වාෂ්පීකරණය  නිසා පස අභ්‍යන්තරයේ පවතින ලවණ  පවා පස මතුපිටට පැමිණිම සිදුවිය. මේ නිසා පසේ පවතින අධික ලවණ ගතිය නිසා ඒ ප්‍රදේශයන්හි භෝග වගාව අඩාල වී ඇත. නිරන්තරයෙන්  ලවණ මිශ වැලි කුණාටු  ඇති වීම සිදුවෙයි. මිනිසුන්  අධික ලවණවලට නිරාවරණය  වීම නිසා පිලිකා හා වකුගඩු  රෝග ආදියට ලක්වෙයි. එම නිසා මෙම කලාපය ආශ්‍රිතව වාසය කරන මිනිසුන්ට දැඩි සෞඛ්‍යමය බලපෑමක් එල්ල වී ඇත.

මිනිසුන්ට පානය සදහා ඇති ජල මුලාශ්‍ර  වලටද මෙය දැඩි බලපෑම්  ඇතිකරන ලද අතර මේ මුහුද ආශ්‍රිතව දිවි ගෙවු ධීවර පවුල්වලට ඔවුන්ගේ රැකියා අහිමි වීමද සිදුවිය. මෙහි ජලයෙන් කරන ලද කෘෂිකාර්මික  කටයුතුද මේ හේතුවෙන් අඩාල විය.

👉වර්තමාන තත්වය

අද වන විට ඇරල් මුහුද ඉතා කුඩා කොටස් දෙකකට සීමා වී ඇත. එය තවමත් සම්පූර්ණයෙන් ම සිදී ගොස් නැත. එහි කුඩා කොටස වු උතුරු ඇරල් මුහුද කසකස්තානයේ පිහිටයි. එය කුඩා මුහුද (small sea 🌊) ලෙසින් හදුනවයි.  දකුණු  ඇරල් මුහුද උස්බෙකිස්තානය  තුළ ඇත.

(digg.com)

ඇරල් මුහුද යථා තත්ත්වයට පත්වෙමින් තිබේද?

 නැත. ඇරල් මුහුද කවරදාකවත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් නොවනු ඇත. 

කන්තාරයක් වු ඇරල් මුහුදේ  කටුක දිවියක් ගෙවන ඔටුවන් පිරිසක් සහ අත්හැර දැමු නැව්(columbia.edu)

කසකස්තාන රජය සහ ලෝක බැංකුව විසින් අරමුදල් සපයා ඩොලර් මිලියන 86  ක වියදමින් 2005 දි  උතුරු ඇරල් මුහුද යථා තත්ත්වයට පත් කිරීම  සදහා උතුරු හා දකුණු ඇරල් මුහුද දෙබෑ කරමින් කොකරල් නම් දැවැන්ත නව වේල්ලක් ඉදිකිරීමට කටයුතු කරන ලදි. මෙය 2011 දී අවසන් විය. එමගින් ඇරල් මුහුදේ ජලය යම් තරමකට රදවා ගැනීම හා මත්ස්‍ය  සම්පත ඇති කීරිමට හැකි වී තිබෙයි.

(arthobservatory.nasa.gov)

(worldbank.org)

නමුත් කිසිදා මේ ඇරල් මුහුද මිනිසාට ඒ අයුරින්ම දැකීමට වාසනවක් උදා නොවන බව අවසාන වශයෙන්  present media  අපි දුකසේ ඉදිරිපත්  කරමින්  සටහන අවසන් කරමු.😢


✍️සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)

_________________________

මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ page එකට like 👍කරන්න. ඔබගේ අදහස්  යොජනා ,චෝදනා අපට comment ⌨️කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවා නම්, අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!

Post a Comment

0 Comments