ලෝකය හොල්ලන නවතම රුසියානු ප්‍රහාරකයා


Sukhoi SU-75 Checkmate 

 රුසියාවේ කිර්තිමත් සමාගමක් ලෙසින් sukhoi. සමාගම ඉතමාත් බලවත් ප්‍රහාරක ජෙට් යානා නිපදව සමාගමකි. එය පළමු රුසියානු පස්වන පරපුරේ ජෙට් යානය වූ su- 57නම් ද්විත්ව එන්ජින් යානාව නිෂ්පානය කර අතර එය ඉතා ආකර්ෂනිය හා බලවත් ප්‍රහාරක යානාවක්ද වියි.  නමුත් එය රුසියාවේ ආරක්ෂක කටයුතු සදහා පමනක් රුසියාව යොදා ගැනීමට කටයුතු කරයි. මේ සමගම රුසියාවේ 2021 පැවැත්වෙන  MAKS-2021 Air Show in Moscow. සදහා නවතම Sukhoi 75 -Checkmate. යානය ඔවුන් ඉදිරිපත් කර ඇත. එය ඇමරිකානු ලොග් හීඩ් සමාගමේ F35 lighting යානයට රුසියාව දුන් පිළිතුරක් ලෙසින් බොහෝ දෙනා සදහන් කරති. 

Sukhoi 75 -Checkmate.(www.airdatanews.com)

මොනවද මේ ප්‍රහාරකයානා පරම්පරාවන් 

ප්‍රහාරක ගුවන් යාන පරම්පරා 5ක් මේ වනවිට ලෝකයේ පවති මේවායේ වේගය, තිබෙන පහසුම්, තාක්ෂණය, ප්‍රහාරක බලය ආදි කරුණු පාදක කරගෙන මේවා පරම්පරා  වලට බෙදා වෙනකර ඇත. වර්තමානය වන විට  බොහෝ රටවල් භාවිතා කරනුයේ 4 වන පරම්පරාවට අයත් යානාවන්ය. එසේත් නැතිනම් තුන්වන පරම්පරාවට අයත් යාන නවීනි රේඩර් හා අනෙකුත් අංග ඇතුලත්කර හතර යන පරම්පාරව ගැලපෙන ලෙස සාදාගෙන ඇත. මෙම පස්වන පරම්පාරවේ යානා වල විශේෂවය වනුයේ මේවා ඉතාමක් වේගවත් වීමයි. එය මාක් 2 පමන වෙයි. මේවැනි යානාවකට  ශබ්දයට  වඩා දෙගුණයක් වේගයෙන් පියාසර කර හැකිය. තවද මේ යානා සතුව නවීන රේඩාර් පද්දති හා දියුණු අවි වලින් සමන්විතය. තවද සතුරු රේඩාර වලින් සැගවී යාමට හා එම රේඩාර් උරාගත හැකි තින්ත වර්ග  වලින් මෙවැනි යානා  බදවල්වල ආලේප  කර ඇත. ඉතා දියුණු පරිඝනක පද්දති වලින් සම්නවිත අතර. කෘත්‍රීම බුද්ධිය( artificial intelligent) මගින් බල ගැන්වෙයි. මේ නිසා නියමුවාගේ කර්‍ය භාරය ඉතාමත් අඩු හෝ නොමැතිව වුවද ධාවනය කර හැකිය.   මෙවැනි යානාවලින් air to air  (ගුවනේසිට ගුවනට) airto ground (ගුවනේ සිට ගොඩ බිමට) air to sea ඉලක්ක වෙත පහසුවෙන් පහර දිය හැකිය.


Sukhoi 75 -Checkmate යානයේ හැකියාවන්.

මෙම යානය තනි එංජිමක් සහිතව නිපද වන අතර එයට  මාක් 2ක වෙගයකින් ගමන් කර හැකියි. එනම් එ එහි අති නවින පරිඝනක පද්දතියකින් හා තනි නියමු කුටියකින් සමන්විත වෙයි. ප්‍රමානයෙන් කුඩා අතර එය ට කිලෝ 7000 බොම්බ හෝ අයුධ රැගෙන යා හැකිය. තවද එහි බදේ මිසයිල 5ක් රැදවිය හැකිය.

(https://www.redstar.gr)

මෙය අපනයන පදනම් කර ගනිමින් නිපදවීමට සැලලුම් කර ඇති අතර අඩි 40,000 ඉහලට පියාසරියක්  කරා ලගාවිය හැකිය. එයට කිලෝමීටර 3000ක් එක දිගට ධාවනය අවශ්‍ය ඉන්දන ගබඩා කර හැකියි. තවද ගුවනේදි ඉන්ධන ලබා දීමද කර හැකිය.  

මෙම යානය තවමත් phototype  යානයකි. එය පළමු වතාවට එලි දැක්වූයේ රැසියානු ගුවන්යාන ප්‍රදර්ශන උලෙලක් වු Mask Airshow 2021 දීය.  එය රුසියානු ජනපති වැලදිමීර් පුටින්ගේද අවධානය දිනාගත් නිශ්පාදනයකි. එයට 2026 වන විට 300 පමන නිපදවීමේ සැලසුමක් ඇත. එහිදි මෙය ගුවන්යාන වල රැගෙන යාහැකි මාදිලියකින්ද නිපිදවීමට ඔවුන් සලැසුම් කරයි. අඩු මුදලටක විකිණිමට මෙම යානය සැලසුම් කර ඇති අතර එය ඩොලර් මිලියන 25-30 අතර මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇත.

Mask Airshow 2021 

තවමත් phototype යානයක් වන. මෙම Su 75 Checkmate යානය එහි මුල්ම පියාසරිය 2023 දි සිදු කිරීමට නියමිතයි.  අපි බලා සිටිමු 2023 වර්ශයේදි මෙම යානය දැනට ලොව බලවත්ම ප්‍රහාරකයා ලෙස සලසන ඇමරිකානු F 35 යානයට කුමන විදියේ තරගයක් හා අභියෝගයක් එල්ල කරයිද කියලා?

 Sukhoi Su 75 Checkmate යානය සහ ඇමරිකානු Lockheed F 35 යානය (YouTube.com The Buzz)

✍️සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)

______________________________


මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ Present Media page එකට like කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!

Post a Comment

0 Comments