ඉවසීමෙන් සැනිසීම ලැබූ Zoom

Zoom Video Communications  සමාගම පිළිබඳ අද ලෝකයේ  නොදන් කෙනෙක් නොමැති තරමයි. ඒ ගෝලිය කොරෝනා වසංගතය  සමග සිදුවූ සමාජ වෙනස්වීම සමග. නිවසේ සිට වැඩ කිරීම (working from home) ජනප්‍රිය  වීම නිසාය. මෙ ජනප්‍රිය  තාවය හා කාලීන අවශ්‍යතාව  වඩාත් පහසු කරන මෘදුකාංග  ලෝකයේ විශාල  ප්‍රමාණයක් පැවතියද ඒ සියලු  දෑ අභිබවමින්  ඉදිරියෙන්ම සිටීමට zoom මෘදුකාංගයට හැකි වී තිබෙයි.

              Zoom මෘදුකාංගය හි නිල ලාංඡනය (Zoom.us Pro)

මොකද්ද මේ zoom කියන්නේ?

Zoom යනු සරලව කිව්වොත් මෘදුකාංගයකි.මෙය බොහෝ දෙනකු හොදින් දන්නා වගේම අත්විදින සේවාවකි. Zoom යනු ලෝකයේ ඕනත තැනක සිට  අන්තර්ජාලය හරහා vedio  සහා audio   ඇසුරෙන් සන්නිවේදනය කර. මෘදුකාංගයකි. මෙමගින් ආයතන වල රැස්වීම් හා අධ්‍යාපන ⁣ශ්‍රේත්‍රයේදී පන්ති කාබරයක් ලෙසින් සිසුන්ට ඉගැන්වීමට ගොදා ගත හැකියි. මේ මෘදුකාංගය හරහා එක වරකට 1000ට පහසුවෙන්  සන්නිවේදන  කටයුතු සිදුකර හැකිය.

Zoom මෘදුකාංගයේ ඉතිහාසය 

 මෙම මෘදුකාංගය ලෝකයට හදුනවා දෙන්නේ 2011. වසර තුලය.  එහි ප්‍රධාන කාර්යාලය ඇමරිකාවේ  සෙන් ජොන්සන් , කැලිෆෝනියාවාවල ඇත. අද වන විට එහි 6,787 (2022) ට අධික සේවක පිරිසක් සේවයේ නිරත වී ඇත.  

Zoom මෘදුකාංග  ලොවට 2011 දි දායාද කර එහි විධායක  එරික් යුආන් (Eric Yuan)  (forbes.com)

Zoom මෘදුකාංග  ලොවට 2011 දි දායාද කරන්නේ එරික් යුආන් (Eric Yuan) නම් චීන ජාතිකයා විසිනි නමුත් ඔහු ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් තැනැත්තෙකි. වෘත්තියෙන්  ඉන්ජිනේරුවරයෙකි. අද වන විට ඔහු මෙම Zoom Video Communications  ආයතනයේ විධායක  අධ්‍යක්ෂක දූරයේ කටයුතු කරන දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ වත්කම 2021දී ⁣⁣ඩොලර් බිලියන 15ට ආසන්න වී ඇත.

Zoom සමාගමේ  ප්‍රධාන කාර්යාලය ඇමරිකාවේ  සෙන් ජොන්සන් , කැලිෆෝනියා වල. පිහිටා ඇත.(Zoom Blog)

මේ සදහා බලපෑ ප්‍රධානම කාරණය වූයේ ගෝලිය කොවිඩ් වෛරස  ව්‍යාපෘතිය හා විශාල  ජීවිත හානියක් ලෝකය තුළ සිදුවීමයි. මේ නිසා මර්ගගත අධ්‍යාපන  පාසල්  තුළ අනිවාර්ය  වූ අතර බොහො රැකියා ආබතන වල කටයතු එම සේවකයන්ට ගෙදර සිට සිදුකිරීමට අවකාශ  ලබා දෙන ලදි. මේ නිසාම විශාල  ලෙසින් zoom මෘදුකාංග  එහි ඇති පහසුකම්  නිසා ජනප්‍රිය  වී ඇත. අද වන විට මෙම සමාගම ලෝකයේ ලාභ හොදින් උපයන සමාගමක් බවට පත්වී ඇත 3.05 billion USD (2022). මේ සාර්ථකත්වය 2019 සිට වැඩි වී ඇත. ඔවුන් වසර 10 ක කැපැවීම හා නෙපසුබට උත්සාහය මේ සදහා හේතු වී ඇත.2020 වන විට කොටස් වෙළෙඳපොළ  අගය 500% පමණ  වර්ධනය වී ඇත.

Zoom  මෘදුකාංග  සහය දක්වන මෙහෙයුම්  පද්දති

මෙම මෘදුකාංගය  windows, mac  සහ Linux  පරිඝනක  මෙහෙයුම්  පද්දතින්ට Android හා Apple  දුරකථන  මෙ⁣හෙයුම් සදහාචද  සහය දක්වයි. මේ හරහ   සන්නිවේදනය කිරීමට හැකියාව ලැබෙයි. වරකට 2-1000 අතර සන්නිවේදන  කිරීම හැකියාව ඇත.

එහිදි 1-100 අතර බේසික් පැකේජයක්  ඇත.  එය පාරිභෝගිකන්ට නොමිලේ  භාවිතා  කර හැකිය.එහිදි වරක 2ක් පමණක් සහභාගි  වන්නේනම් පැය කිහිපයක්  වුවද එක දිගට සන්නිවේදන කටයුතු  කර හැකියි. නමුත් 3-100 අතර සිටින විට එක meeting  එකක් විනාඩි 40ක් පමණක් පවති. ඉන්පසු  ස්වයංක්‍රීයව  meeting  එක end වෙයි. නැවත නැතව එම li k එක මත click කරමින්  සම්බන්ධ  විය යතුය. ඔබ මෙවැනි ගිණුමක් e mail එකක් මගින් zoom us ආයතනයේ ලියාපදිංචි කර ගිණුමක්  නිර්මාණය කර පසු එම ආයතන මගින් පළමු හා දෙවන meeting  සදහා3 සිට 100 දෙනකුට සහභාගි  විය හැකි කලින් සදහන් කර ආකරයට විනාඩි 40න් අවසන්වීම නැති කරයි.නමුත ඔබ සාමජිකයන්  3-100 අතර සිටින 3 වෙනි meeting  එකේ සිට  වීමේදි විනාඩි 40න් විසන්දි වී යයි.

අන්තර්ජාලය හරහා පවත්වන Zoom meeting  එකක්

 නමුත් ඔබ මෙම ආයතනයට ගෙවා සාමාජිකයන් 100,300,500හෝ 1000ක පිරිසක්  සම්බන්ධ  කර හැකි ලයිසන් මිලදී  ගත හැකිය. එවිට ඔබට අසීමාන්තික  ලෙස රැස්වීම් පැවැත්විය හැකිය.

තව ⁣cloud පහසුකම් ,live streaming, core host ආදියද හිමි වෙයි.

✍️සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)

______________________________


මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ Present Media page එකට like කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!

Post a Comment

0 Comments