ලොව කුඩාම ක්ෂිරපායි සත්වයා ගැන දැන ගනිමුද ?

🦇Bumblebee  Bat( බඹර මැසි වවුලා )

(Facts.net)

 Hog-Nosed bat ලෙසින්ද මෙම වවුලා හදුනවයි.

ඌරකුගේ හැඩැති නාසය (Wikipedia)

ක්ෂිරපායි යනු සරලව කිව හොත් කුඩා කල මවගෙන් කිරි උරා බී වර්ධනය  වන ජීවීන. කොට්ඨාසයකි. බොහෝ දෙනකු ලොව විශාලම ක්ෂිරපායි සත්වයා නිල්තල්මසා බව දනිති එලෙසම ගොඩබිම වාසය කරන විශාලම ක්ෂිරපායි  සත්වයා අලියා බවද දනිති. නමුත් ලොව කුඩාම කිරිබී වැඩෙන සත්වයා පිළිබඳ  බොහෝ දෙනකු නොදනී. ඒ නිසා ක්ෂිරපායින් ලෙස අපට නෑකම් කියන කුඩාම ජීවියා ගැන සොයා බලමු.

🦇විද්‍යත්මක නාමය :-Craseonycteris Thonglongyai

වාසස්ථානය

බටහිර තායිලන්තය හා මියන්මාරයේ ගිණිකොණ  දිශවෙන් මෙම වවුල් විශේෂය අපට සොයාගත හැකිය.  ලොව කූඩාම ක්ෂිරපායි  විශේෂය මෙන්ම කුඩාම  වවුල් විශේෂය වන්නේද මොවුන්ය. මෙම කුඩා වවුලා සොයාගත හැකි වන්නේ. හුණුගල් ගුහා ආශිතවයි.කුඩා රංචු වශයෙන් දැකගත හැකිය.

බටහිර තායිලන්තය හා මියන්මාරයේ ගිණිකොණ  දිශවෙන් මෙම වවුල් විශේෂය අපට සොයාගත හැකිය.(Wikipedia)

 ශරීර ප්‍රමාණය 

බර 1.5g-2.7g පමණ වෙයි.  දිග අගල් 1.5-2.4 අතර වර්ධනය  වෙයි. අළු හෝ අළු මිශ්‍ර දුබුරු පැහකින් යුතුය. කෙටි දුරක් පියාසර කරන නිශාචර සත්වයෙකි. ඌරකුගේ වැනි නාසයක් සහ කුතා තියුණු දත් දැකිය හැකිය.

ආහාර රටාව

රත්‍රී සැරසරන මැස්සන් කුරුමිණියන්, මකුළුවන් වැනි කුඩා කෘමින් අහාරයට ගනි.කෘමි භක්ෂකයෙකි.

අභිජනනය

අප්‍රේල් මාසයේදි පමණ වරකටඑක පැටියෙකු පමණක් බිහි කරයි.  පැටවා මවගේ උදරයේ එල්ලි සිටියි. මේ සතුන්ගේ අභිජනනය  රටා පිළිබඳ  පුලුල් ලෙස අධ්‍යනය කර නොමැත.

අප ඉදි⁣රියේදි ලෝකයේ මැවැනි කුඩා ජීවින් පිළිබඳ  ලිපි පෙලක් අපගේ පිටුවේ පලකිරීමට නියමිතයි. කුතුහලය දනවන මෙවැනි ලිපි කියවීමට අප සමග දිගිට සම්බන්ධ  වන්න.

ස්තුතිය.!

✍️සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)


______________________________


මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ Present Media page එකට like කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!

Post a Comment

0 Comments