ඉබි රාජධානියේ ඩයිනෝසරයා

Alligator Snapping Turtle 

(gainesville.com)

⭕️සිංහල නම:- ඇලිගේටර් ස්නැපින් ටූටල්

⭕️ ඉංග්‍රීසි නාමය:- Alligator snapping turtle 

⭕️විද්‍යත්මක නාමය :- Macrochelys temminckii

🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢

 ඇමරිකාවේ මිරිදිය  ජලයේ ජීවත්වන ඉතා භායානක  පෙනුමක් ඇති උරගයෙකි. Macrochelys temminckii  යන විද්‍යත්මක නාමයෙන් හැදින්වෙයි.

 ඉතා දිගු ඉතිහාසයක් ඇති. සත්වයෙකි.

උපරිම බර රාත්තල් 220 පවන වන අතර උපරිම අගල් 26 ක දිගකට පමණ වර්ධනය වන අවස්ථාව වාර්තා  වී ඇත.  සුරතල්  සතෙකු ලෙසද ඇතැම් සත්ව ලෝලින් තම සන්තකයේ තබා ගනී.

              (Encyclopedia Britannica)

 ⭕️ආහර රටාව..

විශාල පෙනුමෙන් යුත් මෙම ඉබ්බා සැබවින්ම භයානක  සත්වයෙකි. සම්පූර්ණයෙන්ම මාංශ භක්ෂකයෙකි.  මෙම සත්වයාට ඉතා ශක්තිමත් මුඛයක් ඇති අතර ඉතා බලවත් සැපුම් බලයක් එල්ලකර හැකි සත්වයෙකි. දිගු වල්ගයක් ඇතද ඇත. මෙම සත්වයාට ඉතා පහසුවෙන් කොකාකොලා ටිං එකක් හෝ බෙලෙක් පිගානක් වුවද කටින කැපීමට ,කැඩීමට හෝ සිදුරැ  වී යන තරමේ සැපුමක් සිදුකර හැකියාව පවති. ඒ නිසා මිනිස් අතක් වුවද ඉතා පහසුවෙන්  වෙන්වී යන පරිදි සැපිය හැකියි.

😁 ඔස්කාර් සම්මාන දිනා ගැනීමට සුදුසය..

කලින් කී ලෙස මාංශ  භක්ෂකායක් වන මේ සත්වයා ගොදුරු පසුපල එලවා ගෙන ගොස් දඩයම් කරන්නේ නැ. ඒ වෙනුවට මෙම රැවටිලිකාරයා තම ගොදුරු තමා ලගට ගෙන්වා ගැනීමට අපූර උපක්‍රමයක් යොදා ගනි. එනම් මෙම සත්ව⁣යාගේ දිවේ විශේෂ  පිහිටීමක් ඇත. එය රෝස පාට කුඩා ගැඩිවිලෙකු ලෙස චලනය කරහැකි පිහිටීමක් සහිත මස් වැදැල්ලකි. මෙම සත්වයාට බඩගිනි වූ විට ජලෙය් පතුලට වී කට විවෘත කරයෙන සිටි.   එවිට දිවේ ඇති  මස් වැදැල්ල කුඩා ගැඩිවිලකු සේ චලනය කරවයි. එවිට ගොදුරක් යැයි සිතා රැවටුන මසුන් මෙම සත්වයාගේ කට අසලට ලංවෙයි. ඒ සැනකින් ⁣මෙම සත්වයා තම තියුණු මුඛ⁣යේන් එම මසුන් ගොදුරු කරගනි.

    (SaportaReport)

⭕️අභිජනනය 

අනෙකුත් ඉබ්බන් මෙන්ම මොවුන්ද බිත්ත වලින් තම වර්ගයා බිකි කරයි. ගැහැණු. සතුන් වසර 12 පමණ  ලිංගික  පරිණතභාවයට පත්වෙයා. බිත්තර වලට සුදුසු උශ්ණත්වය. එන තුරු පොළොවේ හාරන ලද ගුළක ගැහැණු  සත්වයා වරකට බිත්තර 10-50 අතර දමයි. මාස දෙකකට පසු නව පැටවුන් වලෙන් ගෙඩට පැමිනෙයි. මා පිය රැකවරණයක් නැත. වසර 50-100  හෝ ඊට වැඩිකාලයක් ජීවත් වෙයි.


                 (YouTube.com -Reptile's Story)

⭕️තරජනයකට 

ස්වාභාවික  පරිසර  තුළ පරිණත සතකුට කිසිදු තරජනයක් නැත. මොවුන් A ශ්‍රේණියේ විලෝපිකයන් ගනයට වැටෙයි. නමුත් මොවුන්ට ඇති එකම තර්ජනය වන්නේ මිනිස්සුය. ස්වාභාවික  පරිසරයේන මොවන් සුරතල්  සතුන් ලෙස අල්ලා ගැනීම. මස් හා කටු ලබා ගැනීමට ඝාතානය කිරීම. වාසස්ථාන  අහිමි වීම නිසා මොවුන්ගේ පැවැත්ම විශාල  තර්ජනයකට  ලක්ව ඇත. 

විශේෂයෙන්ම දරුණු ඝනයේ මසුන් හා ජලජ ජිවීන්  ඇති කරීමට කමැති සත්ව ලෝලින් අතර මෙවුන් ඇති කිරීම දැඩි කැමැත්ත නිසා විශාල  මුදලකට මෙවුන් අලෙවි වෙයි.  එමගින් මොවන්ගේ අභිජනනය අඩාල වීම  පැවැත්මට විශාල තරජනයකි. 

සුරතලයට ඇති කර ඇලිගේටර් ස්නැපින් ටූටල්(Alligator snapping turtle ). විසික්. සිදුකර හැපීමයකි ත ඇගිලි අහිමි වු පුද්ලයෙක්.(Quora)

🛑සැලකියයුතුයි ඔබ මෙවැනි සතෙකු සුරතලකු ලෙස ඇති කරයිනම් කිසිදා අප රටේ ස්වාභාවික  පරිසර  ප්ද්දතියකට   නිදහස් නොකරන්න. එය අපේ ස්වාභාවික  පරිසරයට අවෙනික මසුන්ට හා මිනිසුන්ටද තර්ජනයක් විය හැකිය.

✍️සටහන :- 

ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)

______________________________


මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ Present Media page එකට like කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!


Post a Comment

0 Comments