Red-crowned crane (රතු ඔටුනු ධාරී කොකා.)


හිසේ රතු පැහැති පිහාටු තොප්පියක් වැනි හැඩයක් නිසා රතු ඔටුනු දරණ කොකා යන අර්ථය ඇතිව Red-crowned crane නමින් හදුනවයි. ඉතා විශාලා සිරුරක් සහිත උස පක්ෂියෙකි. මෙම සත්වයා ජීවත්වන රටවල් වල වැසියන් වාසනාවේ සංඛේතයක් ලෙසින් හදුන්යි. කොක්කුන් අතරින් දෙවැනියට වදවීමේ තරජනයකට ලක්වි ඇති පක්ෂියා වනුයේද මෙම Red-crowned crane පක්ෂියාය.  මෙම සත්වයා Manchurian crane  සහ Japanese crane නම් වලින්ද හදුන්වන මේ අපූරු පක්ෂියා ගැන වටිනා තොරතුරු දැන ගන්න් අපි ඔපබට ආරාධනා කරනවා..කියවන්න...

විද්‍යත්මක නාමය :- Grus japonensis


 🦩ශරීර ලක්ෂණ:-

උස අඩි පහක් පමණ වෙයි. බර රාත්තල් 18-24 අතර අගයක් ගනි. වනාන්තර තුල ජීවත්වීමේ ආයු කාලාය වසර 30 පමණ වන අතර සත්වයන් ඇතිකර කරන ස්ථන වල වසර 50ක් පමණ ජීවිත් වු අවස්ථාව ඇත.  හිසේ ඉහල රතු තොප්පියක් වැනි කුඩා පෙද වැස්මක් ඇත. උදරය දක්වා කුලු පැහැත් ⁣පියාපත් ඇති අතර පිටුපසින් දිගු කලු පියාපත් දැකිය හැකිය. පියාඹීමේ හැකියාව ඇත. හොටය ඉතා අදුරු කොල පැහැක් ඇති අතර ඉතා තියුණුය. දිගු පාද පිහිටයි. තටු විහිදා සිටිනවිට අඩි 8 පමණ තටු දෙක අතර දුරක් ඇත. පිරිමි සතුන් ගැහැණු  සතුන්ය වඩා තරමක් විශාලත්වයෙන් වැඩිය.

🦩නිජබිම හා ආහාර රටාව:-

මෙම අලංකාරි පක්ෂියා ප්‍රධාන වශයෙන්ම  සංක්‍රමණික ජීවිතයක් ගතකරමින තෙත් ජලජ පරිසර තුල ජීවත් වෙයි.චීනය ,රුසියාව,මොන්ගෝලියාව ,කොරියාව සහ ජපානයේ හොකයිඩෝ යන රටවල ඇතම් කලාප තුල දැකිය හැකිය. බහුලව චීනයේ හා රුසියානු  දේශ සිමාව අසල කැදලි සාදයි. විශේෂයෙන් ගංගා ඉවුරු ,මඩවගුරු, විල්ලු හා කුඹුරු යායවල් ආශ්‍රිතව දිවි ගෙවයි. හිමෙන් වැසුණු පලත් වලද ජීවත් වෙයි.

සාමාන්‍යයෙන් මෙම පක්ෂින් ජීවිත කාලයම තනි සහකරුවකු හෝ සහකාරියක් සමග ජීවත් වෙයි. ආහාර සෙවීමට යුවල් ලෙසින් හෝ කුඩා කන්ඩායම් ලෙසින් පිටත්ව යයි. නමුත් රාත්‍රියට සමූහ කොළනි ලෙසනි ජීවත් වෙයි.සර්වභක්ෂක ආහාර රටාවක් අනුගමනය කරයි. මත්ස්‍යයන් කුඩා කෘමින් ,කකුළුවන් වැනි ජලජ ජීවිත් ශාක කොටස් සහල් ආදියද ආහාර ලෙස ගනී.

🦩අභිජනනය හා කැදලි තැනීම:-

ගැහැණු සත්වයා සාපේක්ෂව කුඩා වන අතර බෙල්ලේ හා පිටුපස පිහාටු පැහැයෙන් අඩුය. පිරිම සත්වයාගේ එම පිහාටු කළු පැහැයෙන් වැඩිය. අභිජනනය සමයේදි හිසේ තිබෙන රතු පැහැති තොප්පිය වැනි පිහාටු පැහැයෙන් වැඩි වෙයි. සාමාන්‍යයෙන්  වසර 3-4 අතර කාලයේදි ලිංගික පරිනතියට පත්වෙයි.   යුවල් අතර හොද සම්බන්ධතාවක්  ඇති අතර මෙම පක්ෂන්ට ආවෙනික නර්තන රටාවක් ඇත. එනම් රංචු ලෙස සිටිනවිට සහ ලිංගික එක්වීම්ට පෙර මෙම රංගනයන් ගැහැණු සහ පිරිම සතුන් රඟ දක්වයි.


එහිදි හිස් ඉහලට දිගුකර අහස දෙස බලා විශාල  ශබ්දයක් නගම්න් ගුවන්ට අඩි 4-5 උසට එක් තැන් පනි. නැවතත් පොලවට පැමිනෙයි.   

අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා කලය තුල මෙම පක්ෂින්  තම කැදලි තැනීම හා පැටවුන් ඇති දැඩි කිරීම කරයි. සාමාන්‍යයෙන් මෙම පක්ෂින් දෙදනාම එක්වී ගං ඉවුරක හො කුඹුරු යායක් වැනි සාමාන්‍ය තෘන හා පඳුරු සහිත භූමියක  පොළොවමත  කෝටු හා තණහ යොදා ගනිමින් කැදැල්ලක් සාදයි.  

මෙවුන් තම භූමිය ආරක්ෂා කිරීමය කරයි.වරකට බිත්තර දෙක්ක පමණ දැමූවත් බොහෝ විට රැකබලා ගන්නේ ඉන් එක් පැටවුකු පමණයි. දින තිහක පමණ රැකුම් කාලයකට පසුව පැටවා බිහි වෙයි. කුඩා පැටවුන් රතු දූඹුරු පැහැයක් ගනි. උපදින විට පැටවකු 150g පමණ වෙයි. මව සහ පියා  යන දෙදෙනාම පැටවා පෝෂණය කරන අතර මුලු සති දෙක තුන තම කැදැල්ල අවට පැටවා සැරි සරයි. පසුව දෙමාපාන් සමග ඇවිදිමින් ආහාර  සොයා ගනි.




🦩තර්ජන:-

අද වන විට මෙම පක්ෂින්  වදවීමේ තරජනයකට මුහුණ පැ සිටි. වාසස්ථාන අහිමි විම මූලික හේතුවයි. මේ නිසා දැඩි සංරක්ෂණය⁣කට  මෙම රාජ්‍ය ලක්කරමින් රැකගඅනීමට උත්සාහ කරයි.

✍️සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)

______________________________


මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ Present media page එකට like කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!

Post a Comment

0 Comments