ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත විනාශ කරන ආක්‍රමණිකයෝ -02

 පිරානා මත්ස්‍යයා.

අපි මෙම මත්ස්‍යයා මේ ලයිතුවට ඇතුළත්  කරනවාද  නැද්ද කියා දෙපාරක් හිතුවා. මොකද ලංකාවේ ජලාශ  තුල පිරාන මසුන් වර්ථා වීම ඉතාමත් කලාත්රකි සිදුවී තිබීම ඊට හෙතුවයි. නමුත්  ලොකයේ වෙනත් රටකින් ගෙනෙන ඕනැම මත්ස්‍යයෙක් අපේ ස්වාභාවික  පාරිසරියට එකතු කිරීමෙන් අනිවාර්යයෙන්ම ලංකාවට ආවේණික මත්ස්‍ය ප්‍රජාවට  තරජනයක් වන නිසා පිරානා පිළිබඳ තොරතුරු ගෙන ඒමට present medias  අපි තීරණය කළෙමු.

රෙඩ් බෙලි පිරානා මත්ස්‍යයා -Pygocentrus nattereri
                   

රෙඩ් බෙලි පිරානා මත්ස්‍යයා.

⭕️ඉංග්‍රීසි නම:-Red-bellied piranha

⭕️විද්‍යත්මක  නාමය:-Pygocentrus nattereri

 මෙම මත්ස්‍යයින් පිළිබඳ  ඔබ අසා ඇති කතන්දර,නරඹා  ඇති ප්‍රසිද්ධ චිත්‍රපට ආදිය නිසා බොහෝ දෙනකු මෙම මත්ස්‍යා පිළිබඳ  යම් යම් විස්තර දන්නා බවට කිසිදු සැකයක් නැත.  නමුත් මේ මත්ස්‍යයා පිළිබඳ  සමාජයේ පවතින දුර්මත දුරුකීමට හා ලංකාවේ අපිට ආවේනික මත්ස්‍ය  සම්පත රැක ගැණිම  සදහා පිරානා මත්ස්‍යයා පිළිබඳ  ඔබගේ දැණුම වර්ධනයට මේම ලිපිය  මගින් අපි බලාපොරොත්තු වෙමු.

පිරානා මත්ස්‍ය  යනු චිත්‍රපටවල එන විදියේ ඉතා බිහිසුනු මත්ස්‍යයෙකු නොවෙයි. පිරානා යනු දකුණු  ඇමරිකානු කාලාපයේ ඇමසන් වැසි වනාන්තරයේ  ගංගා හා විල් තුළින් විශේෂයෙන් හමුවන මත්ස්‍ය  විශේෂයකි. ඇමසන් ගංගා ද්‍රෝණියේ පහත්  ප්‍රදේශවල බහුලව හමුවෙයි. විශේෂ 40ක් පමණ  සිටින අතර මෙම මසුන් අයත් වන්නේ Serrasalmidae නම් මත්ස්‍ය  පවුලටයි.

මින් වාඩාත් ජනප්‍රිය  වර්ගය වන්නේ හා  මෙරට මත්ස්‍ය  ලෝලින් සතුව වැඩි වශයෙන් ඇත්තේ Red-bellied piranha නම් පිරානා මසුන්ය. සිල්ව පැහැති දිලිසෙන රවුම් සිරුරක් හිමි මෙම මත්ස්‍යාගේ දිලිසෙන සිල්ව කුඩු මෙන් පැලල්ම් ශරීරය දෙපස වැටී ඇත.  උදරය ඉහල කොටස එනම් මුඛයට  පහළ ලය වරල් සහිත කොටස ආසනයේ රතු පැහැයකින් යුත්තය. කට විවිර වු ස්වාභාවයක් අති අතර එහි තියුණු දත් විශාල ප්‍රමාණයක් ඇත. ඒවා ඉතාමක් ශක්ති සම්පන්නය.වල්ගයට ඉහලින් ⁣කුඩා රවුම් වරලක් ඇත. එය පීන වරල ලෙසින් හදුන්වයි.

අගල් 12-15 වගේ ප්‍රමාණයකට වරධනය වන මත්ස්‍යකි. ඇතම් විට අඩියකට ආසන්ව වර්ධනය  වු සොයාගත් බවටද වරතා වෙයි. වසර 10 හෝ ඊටත් වඩා වැඩි කාලයක් ජීවත්වවෙයි. තනි තනි වශයෙන් ගතහොත් ඉතිමත්  ලැජ්ජශීලි මත්ස්‍යයෙකි. බොහෝ විට සැගවි සීටිම උත්සාහ කරයි. නමුත් ස්වාභාවික  පරිසරයන් තුළ මොවනු රංචු වශයෙන්   ජීවත් වෙයි.  එසේ රංචු ලෙසින්  සිටී. එය ඔවුන්ගේ ආරක්ෂාවට හා ආහාර  සොයා ගැනීම ආදී කර්යයන්ට ඉතා පහසුවකි. මොවුන් අදුරු සහිත ජලය ගලා බසින් තරමක් ගැඹුරු  ස්ථන වල ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වයි. එලෙසම ශාක කොට හා. ජලජ ශාක සහිත ස්වාභාවික  ස්ථාන විලින්ද මොවුන් හමුවෙයි. කුඩා මසුන් දවස පුරා ස්වාභාවික  පරිසර තුල පිහිනමින් ආහාර සොය ගියද විශාල මසුන් හිමිදිරි වේලාවන්ට හා සැදෑ වේලාවන්ට වැඩි ක්‍රියාකාරී බවක් පෙන්වයි.

⭕️ආහාර ස්වාභාවය.🦐🦑🐡

සර්ව භක්ෂක ආහාර රටාවක් ඇති මත්ස්‍යයෙකි. නමුත් පිරනා මසුන් වැඩි වශයෙන් මංශ ආහරයට ගැනීමට කැමැත්තක දක්වයි. නමුත් ශාක කොටස පළතුරු වර්ග පවා ආහාරයට ගනි. මෙම මත්සයන් ඇමසන් කලාපයේ පැවැත්මට ඉතා වැදගත් රාජකාරියක් ඉටු කරන මත්ස්‍යයෙකි. මොවුන් එම කාලාපවල කසල සෝධකයන් ලෙසින්ද හදුන්වයි.  එනම් මිය ගිය ජලයේ පාවෙන මලකුණු ,අනෙකුත් සත්වයන්ගේ  අපද්‍රව්‍ය පවා ආහාරයට ගනි. කලින් කී ලෙස මොවනු තනි මාලුවකු ලෙස ගතහොත් ඉතාමත් කුලෑටිය. නමුත් රංචුවක් ලෙස ගතහොත් මෙවුන් තරමක් භයානක,ආක්‍රමණික  ගතියකින් යුතුය.ආහාර ලෙස කුඩා මසුන් ,ජලයේ ජීවත්වන ඉස්සන් කූනිස්සන්  වැනි අපෘෂ්ඨවංශිකයින් සතුන්, ජලයට වැටෙන කෘමීන් ආදිය මොවුන්ගේ ප්‍රධාන ආහාරයි. එමෙන් රෝග වලින් යුත් හා ජලයේදි අඩපන වී අති තුවාල ලැබු විශාල සතුන්ට පවා මොවුන් පහර දෙයි.  එහිදි මෙම මසුන් තම ගොදුරට වටකර පහර දෙමින් එහි කෑලි  උන්ගේ තියුණු දත් වලින් කඩා ගනි.ඇතැම් අවස්ථාවල ජලයේ පිහිනීමට ගොස් තුවාල ලැබූ, ජලය ගිලුණු  හෝ හෘද ආබාද අදිය නිසා අඩපන  වූ හෝ මිය ගිය පුද්ගලයන්ට පවා මොවුන් පහරදි ඇති අවස්ථා වර්ථා වෙයි. 

මොවුන්ට ඉතා හොදින් ජලයේ ඇත කම්පන හදුනාග ගත හැකිය. එලෙසම රුධිර වහනය වුව හොත් ඒ ඔස්සේ ගොදර සොය ගැනීමට හැකි ඉවක්ද පිහිටා ඇත.  ඇතැම් අවස්ථාවන් වල තුවාල වු පිරානා මසුන් වුවද  නිරෝගි පිරානා මසුන්ගේ ආහාර  බවට පත්වෙයි. එක්තරා  අවස්ථාව  මා පෞද්ගලිකව මෙම තත්වය අත් දැක ඇත. කුඩා පැටුන් පවා තම වර්ගයේ පැටවුන්ගේ ඇස් ආහාරයට ගන්නා අවස්ථාවන්ද මා දැක ඇත. මෙය බොහෝ විය සිදුවන්නේ ඔවුනට ප්‍රමානවත් තරම් ආහර ඉඩකඩ නොමැති වීම වැනි කාරණා නිසාය.

 ⁣

⭕️අභිජනනයය.

පිරානා ගැහැණු  මත්ස්‍යන් හා පිරිමි මසුන පැහැදිලි  ලෙස වෙන්තර හදුනා ගත හැකිය. ඒ සදහා මොවුන පරිනත වී සිටිය යුතුය එනම් අගල් 4ක්වත් වර්ධනය  වි සිටිම පහසුය.  ගැහැණු  මසුන්ගේ උදරය මහත් අතර එහි බිත්තර (ඩිම්බ) පිරි ඇත. පිරිමි මසුන්ගේ උදරය සිහින්ය. රතු පැහැයෙන් වැඩිය. පිරිමි මසුන්  තරමක් දිගින් වැඩිය.මොවුන්ගේ පිරිමි සතුන්  ජලයේ පතුලේ කූඩුවක් තනයි.  එය පතුලේ ගල් වැලි ඉවත්කර කුඩා වලක් ලෙසින්  හෝ ජලයේ ඇති ශාක කොටස් කටින් කපා ඒ මත හෝ සාදන අතර ඉන් පසු ගැහැණු  මත්ස්‍යයා  එහි බිත්තර තැම්පත් කරයි. එවිට පිරිමි මත්ස්‍යා එවා සංසේවනය කරයි. මෙම බිත්තර  භාහිර පරිසරයේදි සංසේවනය වෙයි.බිත්තර ආරක්ෂා කිරීම පිරිමි මත්ස්‍යයින් විසින් කරයි.. ඇතැම්විට යුවලම එය සිදු කරයි. විශේෂයෙන් පිරිමි මත්ස්‍යයා පැටවුන් බිත්තර වලින් පැමිනෙන තුරු බිත්තර අවට නිරතුර පිහීණින් ඒවා ආරක්ෂා  කරයි. පැටවුන්  නිදහසේ පිහිනිමිට හැකි වු විට ආහාර  සොයා තනි තනිව හෝ කුඩා රංචු ලෙස ශාක සහිති ආරක්ෂිත  ස්ථාන  කරා පිහිනා යයි.

                                 

⭕️විසිතුරු මත්ස්‍යයෙක් ලෙස සාදන්නෙනම්🐟🐡

 පිරාන මසුන් සුරතල් මසුන්  ලෙස අති කරන අයෙකු නිතරම මසුන් යුවල් 3ක් වත් එකවරකට ඇති කර යුතුය.නැතිනම් මොවුන ටැංකියේ සැගවී සිටීමට වැඩි වශයෙන් පෙළබෙයි.මේ මසුන් සදහා ඉඩකඩ සහිත ජලජ ශාක ,ගං කොට කැබලි, ගල්  ආදිය යෙදු ටැංකි සකස්කර ගත යුතුයි. ඒ වගේම හොද ජල පෙරණ පද්ධතියක්  සවිකර යතුයි. එම ටැංකි වලට වෙනත් මසුන් නොදැමිය යුතුය. එයට හේතුව මොවුන් එම මසුන්ට පහර⁣දීමට හා තුවාල කර ආහාරයට ගැනීමටවැඩි ඉඩ කඩක්  පවතින බැවිනි.  ආහාර  ලෙස මියගිය මසුන්, ඉස්සන් කූනිස්සන් වැනි මාංශ  ආහාර ලබාදිය හැකිය. ඊට අමතරව කෘතිම මත්ස්‍ය  ආහාරද ලබාදිය හැකිය. නමුත් මොවුන්  වැඩි වශයෙන්  මංශ සහිත ආහර වලට කැමැත්ත  දක්වයි.ටැංකි පිරිසිදු කිරීමේදි හා මත්ස්‍යන් ඇල්ලීමේදි පරිස්සමින් කළ යුතුය නැතිනම් තියණු දත් වලින් සපා කෑම් සිදුවී ඔබට තුවාල සිදුවිය හැකිය. 

මොවුන්ගේ නිජබිම් වන ඇමසන්  වනාන්තර  වල මොවුන්ට බොහෝ විලොපිකයින් අති. එ නිසා එම පරිසර  පද්තින් තුළ මෙම මසුන්  ස්වාභාවිකවම පාලනය වෙයි. නමුත් ඔබ මෙවැනි මසුන් සුරතලයට   ඇති කරන්නේනම් ඉතාමත් වගකීමෙන් ඇතිකර යුතුය. යම් විදියකින් ඔබ මෙවැනි මසුන් පරිසරයට මුදා හැරිය හොත් අපි සතු සුන්දර  පරිසරයේ තුළිතතාවය බිද වැටිය හැකිය. එලෙසම අප රටට ආවෙනික ජලජ ජීවින්ට ඔවුන්ගේ පරිසර පද්දතීන් අහිමි වි යා හැකිය. ඒමගි අපටම ආවෙනික මසුන හා අනෙකුත් ජීවින් සදහටම මේ මිහි මතින් වියැකි යා හැකිය.  එම නිසා පරිසරයට ආදරය ක⁣රන කෙනකු ලෙස මෙවැනි විලොපික මසුන් සොබා දහමට එකතු කිරීමෙන් වලකින ලෙස අපි ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු.

සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒𝕤 𝕋𝕖𝕒𝕞©️ ☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)














Post a Comment

0 Comments