මිහිපිටි ලොක්කා ගැන දැන ගනිමුද ?

නිල් තල්මසා (BLUE WHALE)

අපි අද කතා කරන්නේ මිහිපිට ජීවත්වන විශාලම ජීවියා, විශාලම ක්ෂිරපායි සත්වයා, ලොව විශාලම පැටුවන් බිහි කරන්නා,ලොව විශේෂම ලිංගුව පිහිටි සත්වයා, ලොව විශාලතම  හදවතක්,දිවක් ඇත්තා අදි වර්ථා රාශියක් හිමිකර ගෙන සිටින නිල් තල්මසා  පිළිබඳවයි.

විද්‍යත්මක  නාමය :-Balaenoptera musculus

✅Kingdom :- Animalia

✅Phylum :- Chordata

✅Class :- Mammalia

✅Order :- Cetartiodactyla

✅Family :- Balaenopteridae

✅Genus :- Balaenoptera

✅Species :- musculus

නිල් තල්මසා යනු අද ජීවත් වන තල්මස් විශේෂ අතුරින්  විශාලතම විශේෂයයි. Balaenopteridae  පවුලට අයත් වෙයි.ඔවුන්ගේ මුළු ජීවිත කාලයම ගත කරන්නේ මහ සයුරේය.නමුත් සල්මසා යනු මත්ස්‍යයෙකු නොවන අතර ලොව වෙසෙන විශාලතම  ක්ෂිරපායි සත්වයාය. එනම් ගොඩබිම වසන ක්ෂිරපායින් මෙන්ම පෙනහලු  වලින් හුස්ම  ගන්නා අතර සැම මිනිත්තු 5-10 වරකි තල්මසුන්  ජලයේ මතුපිටට පැමිණ හුසම ගනි. නාසය හිසේ මුදුනින් පිහිටා ඇත. මිනිත්තු 45ක් පමණ  දිය යට තල්මසාට හස්ම රදවාගෙන සිටිය හැකිය.නිල් තල්මසුන් සාමාන්‍යයෙන් දිග මීටර් 29 (අඩි 95) ක් පමණ වන අතර එය දළ වශයෙන් ඔබට අලියකුගේ ප්‍රමාණය හා සැසදීමෙන් උපකල්පනයක්  ලබාගත හැකියි. ගොඩබිම  වෙසෙන විශාලතම  සත්වයා වන්නේ අප්‍රිකානු අලියාය. එම අලියකුගේ උපරිම වර්ධනය  දිග වනුයේ මීටර 3ක් නැතහොත් අඩි 9ක් පමණය. අසාන් වශයේන අලි 10ක් එක පෙළට තැබුවහෝ පරිණත නිල් තල්මසකුගේ සිසුරේ ප්‍රමාණයට ලංවිය හැකිය.දකුණු අර්ධගෝලයේ නිල් තල්මසුන් සාමාන්‍යයෙන් උතුරු අර්ධගෝලයේ සිටින අයට වඩා විශාල වන අතර ගැහැණු සතුන් පිරිමින්ට වඩා විශාලය.

සාමාන්‍යයෙන්  තල්මකුගේ බර රාත්තල් 330,000 දක්වා තිබය හැකි බව ගනනන් බලා ඇත ආයු කාලය

අවුරුදු 80 සිට 90 දක්වා බවට ගනන් බලා ඇත. අවුරුදු 5 සිට 15 දක්වා ලිංගික පරිණත සිදුවෙයි.

 අඩි 110 ක් දක්වා වාර්තාගත දිගම නිල් තල්මසා දකුණු අත්ලාන්තික් සාගරයේ (1909) දකුණු ජෝර්ජියා තල්මසුන් සංරක්ෂණ ස්ථානයක දී මනිනු ලැබූ ගැහැණු සතෙකි.  ඇය මීටර් 33.58 (අඩි 110) දිගින් යුක්ත විය.  විශාලතම නිල් තල්මසා 1947 මාර්තු 20 වන දින ඇන්ටාක්ටිකාවේ දකුණු සාගරයේ දඩයම් කරන ලද ගැහැණු සතෙකි. ඇයගේ බර ටොන් 190 ක් (රාත්තල් 418,878) වන අතර එය අලි 30 කට හෝ මිනිසුන් 2500 කගේ බරට  සමාන වේ.  සාමාන්‍ය නිල් තල්මසෙකුගේ බර ටොන් 145 ක් නැතිනම් වැඩිහිටි අප්‍රිකානු අලි 25 කගේ බර පමණ  වේ. මොවුන්ගේ හදවත කුඩා වොක්ස් වැගන් බීටල් කාර් රථයකට සමානය.

 ආහාර රටාව

නිල් තල්මසුන්ගේ මූලික හා කැමතිම ආහාරය වන්නේ ක්‍රිල් නම් කුඩා කූනිස්සන් විශේෂයයි.  මාළු සහ කොපෙපොඩ් (කුඩා කබොල) ඉඳහිට නිල් තල්මසුන්ගේ ආහාරයේ කොටසක් ලෙසන් ගනි.

 නිල් තල්මසුන් ආහාර දඩයම් කරන විට, ඔවුන් කටවල් විවෘත කර විශාල ක්‍රිල් රංචු  දෙසට පිහිනමින් යයි.  සාමනයෙන් පරිණත සතකු වරකට මෙම කුඩා කූනිස්සන් ටොන් එකක් පමණ  ආහාරයට ගන්නා අතර දිනකට ටොන් හතරකට ත් අටත් ආසන්න පරිමාක් ආහාර ලෙසින් ගනු ලබයි. එහිදි මුඛයට හසුවන කුඩා කුනිස්ස මුඛයේ ඇති දිගු කෙදි අතරින් සැකැස්ම තුලින්. මුඛයේම රදවාගනි.ඔවුන්ගේ මුඛයෙන් ජලය ඔවුන්ගේ දිවෙන් පිටතට තල්ලු කර ක්‍රිල්  සතුන් පමණ  ඉතිරි කර තබා ගනී.මෙය පෙරා බුදින ආහාර රටාව ලෙසින් හදුනවයි.

ප්‍රජනනය

                                             

නිල් තල්මසුන්  බොහො විට තනිව, යුවල් ලෙස හො කුඩා කන්ඩායම් ලෙසින් සැරි සරයි. මොවන් තමාට අවෙනික ශබ්ද  තරංග  හරහා සංනිවේදන කරයි. පිරිමි මසුන් ගැහැණු  මසන් පසුපස හබා යයි. පිරිමි මසනු අතර කෙටි ගැටුම් ඇති වෙයි. පරාජිතයා පසු බසියි.ශීත  ඍතුවේ දී නිල් තල්මසුන් තම වර්ගය බෝ කිරීම සඳහා සමකය දෙසට ගමන් කරයි.  පිරිමි සතකු වරට ශුක්ක්‍රනු ලීටර 150ක් පමණ  නිකුත් කරද නමුත්  ලිංගික  එකතු වීමකදි ඉන් 10% පමණ  ගැහැණු  සතාගේ යොනියට ඇතුලු වන බව සදහන් වෙයි. ගැහැණු  සතකුගේ ගැබ් කාලය මාස 12 ක් පමණ වෙයි.  සෞම්‍ය ජලයේදි  එක් පැටවෙකු පමණක් බිහි කරනු  ලබයි. බිහි කරන පැටියා මීටර් 8 ක් (අඩි 26 ක්) පමණ. දිගකින් යුතුය.පැටව් මවගෙන් කිරි බී වර්ධනය  වෙයි. දිනකට පැටවකු කිරි ලීටර 90ක පමණ  පානය කරයි.  පැටවකු මීටර් 15 නොහොත් අඩි 45ක් පමණ  දිග වන විට මාස 7ක් 8ක් තුළ කිරි වරනු ලබයි. තවත්  මාස කිහිපයක් මව සමග පැටියා ජීවත් වි ස්වාධීන  ජීවිතයක් සදහා පිහිනා යයි. සාමාන්‍යයෙන් නිල් තල්මස් මවක් වසර 2 1/2,කට හෝ 3වරක් පැටියකු බිහි කරයි. මේ පිළිබඳ   පුළුල්  ලෙිසන් අධ්‍යනය කර නැත. 

සාගරයේ තල්මසුන් බහුල කලාප හා වසරේ දැකිය හැකි මාස

ඔවුන් සාමාන්‍යයෙන් ධ්‍රැවීය ජලයේ ගිම්හාන කාලය ගත කරන අතර ශීත කාලය පැමිණෙන විට සමකයට සහිත පලාත් වල දිගු සංක්‍රමණයක් සිදු කරයි.

 නිල් තල්මසුන් සාමාන්‍යයෙන් පැයට සැතපුම් 5 ක් පමණ පිහිනිම කරන අතර පැයට සැතපුම් විසසක් දක්වාද කෙටිදුර වෙගයෙන් පිහිනයි. උතුරු පැසිෆික් සාගරයේ, නිල් තල්මසුන් ජූලි සිට ඔක්තෝබර් දක්වා මොන්ටෙරේ බේ, එහි විශාල වශයෙන් දැකිය හැකිය.  ජුලි සහ අගෝස්තු මාසවල සැන් ඩියාගෝ,ත, සහ මෙක්සිකෝවේ බජා කැලිෆෝනියා සුර් සහ ජනවාරි සිට මාර්තු දක්වා කෝර්ටෙස් මුහුදෙන් ඒවා දැකිය හැකිය.  උතුරු අත්ලාන්තික් සාගරයේ, නිල් තල්මසුන් ශාන්ත ලෝරන්ස් බොක්කෙන් ජුනි සිට සැප්තැම්බර් දක්වා කැනඩාවේ ලෝරන්ස් මැරීන් පාර්ක් මුහුදෙන් සහ නිල් තල්මසුන් මැයි සිට අගෝස්තු දක්වා අයිස්ලන්තයේ රේක්ජවක් සහ හසවාක් වලින් සොයාගත හැකිය.  අසෝර්ස් අවට නිල් තල්මසුන් දැකීමට ඇති හොඳම අවස්ථාව පෙබරවාරි සිට මාර්තු දක්වා ය.  ඉන්දියානු සාගරයේ නිල් තල්මසුන් මාර්තු සහ අප්‍රේල් මාසවල මිරිස්ස ප්‍රදේශයෙන්  ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගැඹුරු මුහදෙන් බහුලව දැක ගත හැකිය.  දකුණු අර්ධගෝලයේ, ගයිටෙකස් ආකිපිපෙලාගෝ, චිලෝ දූපත සහ චිලී ප්‍රධාන භූමිය අතර, දෙසැම්බර් සිට මාර්තු දක්වා චිලෝ දූපතේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ කොකෝවාඩෝ බොක්කෙහි නිල් තල්මසුන් දැකිය හැකිය. ඕස්ට්‍රේලියාවේ, නිල් තල්මසුන් සහ පිග්මි නිල් තල්මසුන් මාර්තු සිට මැයි දක්වා පර්ත් කැනියොන්හි සහ වික්ටෝරියා සහ ටස්මේනියාව අතර බාස් සමුද්‍ර සන්ධියේ නොවැම්බර් සිට මැයි දක්වා දැක ගත හැකිය.  නවසීලන්තයේ, නිල් තල්මසුන් සහ පිග්මි නිල් තල්මසුන් දකුණු දූපතේ කයිකෝරා හි ජූලි සිට අගෝස්තු දක්වා කාලය තුළ දැකිය හැකිය. විශේෂයෙන්  සමකය අසනනේ උණුසුම්  කලාප වල වසර පුරාම මොවුන් සැරි සරන බව නිරීක්ෂණය  වී ඇත. නමුත්  පුලුල් ලෙස මෙම සතුන්ගේ හැසිරීම්  පිළිබඳ  තවමත්  අධ්‍යනය  කර නැත.

තර්ජන

තර්ජනය ස්වාභාවික  තරජන ලෙස ඇත්තේ මිනීමැරු තල්මසා killer whale /(Orcinus orca) රංචු  සිදුකරන පහරදීම පමණි. නමුත් එය දැඩි බලපෑමක් නෙව බව සදහන් වෙයි.තල්මස් පැටවුන්ට එහි බලපැමක් ඇති බව නිරික්ෂකයන් ඇතම් අවස්ථාවන් වල නිරීක්ෂණය  කර ඇත.නමත් 100% තහවුරු  කර නැත.

නමත් මිනිසා නිසා මේ විශාල  ජීවියා දැඩි හානි සිදුවෙයි.19 සහ 20 වන සියවස් වලදී තාක්ෂනික දියුණුව නිසා තල්මසුන්ගේ ගහනය දැඩි ලෙස අඩුවිය.ඊට තල්මසුන් දඩයම හේතු විය. අතීතයේදි තල්මසා  තෙල් වලින් දහන ඉන්දන නිපදවන ලදි. නම්ත් 1986 වන විට සම්පූර්ණයෙන්  තල්මසුන්  ඝාතනය තහනම් කර අතර නැවතත් තල්මසුන්ගේ වර්ධනය  දැකිය හැකිය.  විශේෂයෙන්  මිනිසා නිපදවන විශාල යාතා නිසා තල් මසුන්  ඒවගේ ගැටීම නිසා මිය යැම හෝ  දැඩිතුවාල සිදුවීම, අධික ශබ්ද සහති යානා සොනාර් යනත්‍ර ආදිය නිසා තල්මසු බිය විම හා වෙනත් ප්‍රදේශ වලට පලා යැම. එහිදි නොගැඹුරු  මුහුදු  තීරවලට ගසාගෙනවිත් ජීවිතක්ෂයට පත්විම. දිනපතා බැහර කරන ප්ලාස්ටික්  පොලිතින් ඉන්දන හා රසායනකි ද්‍රව්‍ය නිසා ඇතිවන සමුද්‍ර  දූෂනය,ධීවර අම්පන් වල පැටලීම ,කාලගුණ  විපර්යාස,  අදිය නිසා වර්තමාන වනවිටි නිල්තල්මසට මුහදේ ජීවත්වීම අභියෝගක් වී ඇත.

සැ:යු:-  සාගරය අති විශාල  වපසරියක් තිබෙන බැවින් මෙම දැවැන්තයන් පිළිබඳ  තවමත්  100% අධ්‍යනවක් සිදුකර නැත. ඇතැම් කරුණු  එ නිසා කාලිනව වෙනස් විය හැකිය.



 මූලාශ්‍ර 

Iwc.net ,world. wildlife.org,fisheries.noaa.gov, britannica.com

සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️☑️

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)








Post a Comment

0 Comments